YouTube අළුත් වැඩකට අත ගසයි

    February, 7, 2014

    විශාල ප්‍රමාණයක් නැරඹුවා යැයි බොරු ගණන් හිලව් ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා වීඩියෝ හුවමාරු කර ගැනීමේ ලොව සුපතල YouTube වෙබ් අඩවිය විසින් අළුත් වැඩකට අත ගසා තිබේ.

    මේ අනුව, YouTube විසින් වීඩියෝවක් නරඹන වාර ගණන පිළිබඳව විගණනයක් සිදුකිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ වනවිට, ඇතමුන් සිය වීඩියෝව වඩාත් ජනප්‍රිය බව පෙන්වීම සඳහා ව්‍යාජ අයුරින් නැරඹූ වාර ගණන විශාල ප්‍රමාණයක් ලෙස පෙනෙන්නට සැලැස්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට YouTube විසින් චෝදනා කර තිබේ.

    YouTube

    YouTube යනු වීඩියෝ හුවමාරු කරගන්නා ලෝකයේ දැවැන්තම වෙබ් අඩවියයි. පාරිභෝගිකයින් අද්දවා ගැනීම සඳහා වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් ලෙසද මෙම වෙබ් අඩවිය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත.