රාජ්‍ය සේවයට දිගු කාලීන ‘මානව සම්පත් සංවර්ධන සැලැස්මක්’

    December, 9, 2020

    රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම උදෙසා කඩිනම් වැඩසටහනක් වශයෙන් මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව 2018 ජනවාරි මස 24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2018 මඟින් අවධාරණය කර ඇත.

    ඒ අනුව, රාජ්‍ය සේවයෙහි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් දිගුකාලීන 'ජාතික මානව සම්පත් සංවර්ධන සැලැස්මක්' සම්පාදනය කිරීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.