February, 14, 2024
2024 පෙබරවාරි මාසයේ මේ දක්වා (14 දක්වා) ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව සපුරා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නලීන් පෙරේරා මහතා පවසයි.
මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ කරුණ දැක්වීම සඳහා අද (14) දින කොළඹ දී කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ චලක ගජබාහු මහතා පවසන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 98,455ක් බවයි.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708ක් ලෙස වාර්තා වෙයි.
Video Story