header logo
Corporate News
SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනෙකුගේ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ
SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනෙකුගේ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ

සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් සංවිධානය කරන ලද SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී Dressmaking, Machine Embroidery සහ Fashion Design පිළිබඳ වෘත්තීය සුදුසුකම් සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 520 දෙනෙකු ඇගයීමට ලක් විය. එමෙන්ම, මෝස්තර නිරූපණ සහ මැහුම් ක්ෂේත්රයේ රැකියා හා ව්යාපාරික අවස්ථා සඳහා සිසුන් සූදානම් කිරීමෙහිලා සිංගර් ෆැෂන් ඇකඩමිය ඉටුකරන කාර්යභාරය මෙම උළෙලේදී විශේෂයෙන් ඇගයීමට ලක් විය.

මෝස්තර නිරූපණය සහ මැහුම් ක්ෂේත්රයේ වසර 60කට වැඩි පළපුරුද්දක් ඇති SINGER Fashion Academy, ශ්රී ලංකාව පුරා විහිදුණු පුළුල් අධ්යාපනික ජාලයකින් සමන්විතය. දිවයින පුරා පිහිටි මධ්යස්ථාන 50කට වැඩි සංඛ්යාවක් සහ Zoom මාධ්ය ඔස්සේ පැවැත්වෙන Online පන්ති හරහා, වසරකට සක්රීය සිසුන් 6,000කට වැඩි පිරිසකට මෙමගින් අධ්යාපනය ලබා දෙයි. අලුතින් හඳුන්වා දුන් රටා නිර්මාණය කිරීමේ (pattern-making) පාඨමාලා ද ඇතුළුව, මෝස්තර නිරූපණය සහ මහන ක්ෂේත්රයේ විවිධ අංශ ආවරණය වන පරිදි පාඨමාලා 20කට වැඩි ප්රමාණයක් SINGER Fashion Academy විසින් පවත්වනු ලබයි.

වසර ගණනාවක් පුරා මෙම ඇකඩමියේ පාඨමාලා මගින් මැහුම් ක්ෂේත්රයේ නව ව්යවසායකයින් රැසක් බිහි කිරීමට උපකාරී වී ඇති අතර, තමන්ගේ දක්ෂතාවලින් ආදායම් උපයමින් සාර්ථක ව්යාපාර ගොඩනැගීමට ද බොහෝ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දී ඇත. මෙවැනි වැඩසටහන් හරහා ශ්රී ලංකාවේ මෝස්තර නිරූපණ සහ මැහුම් ක්ෂේත්රය තුළ කුසලතා වර්ධනය කිරීමට සහ ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය ලබා දෙන දායකත්වය සුළුපටු නොවේ.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමාගමේ සමූහ කළමනාකාර අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා, "ප්රායෝගික අධ්යාපනය මගින් නව අවස්ථාවන් සඳහා මංපෙත් විවර කිරීමටත්, ආර්ථිකමය වශයෙන් සබලගැන්වීමටත් හැකි බව සිංගර් ආයතනය ලෙස අප කවදත් විශ්වාස කළ සත්යයක්. රැකියාව, ස්වයං රැකියාව හෝ ව්යවසායකත්වය ඔස්සේ තම හැකියාවන් ප්රායෝගික ජයග්රහණ බවට පත් කර ගැනීමට උපකාරී වන වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වටිනාකම, මෙම සිසුන්ගේ ජයග්රහණවලින් පැහැදිලි වෙනවා. සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා වෘත්තීය අධ්යාපනය සැමට පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීමටත්, ජනතාවට වඩාත් ස්වාධීන හා සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට උපකාර කිරීමටත් අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා." යනුවෙන් පැවසීය.

මෙම සම්මාන උළෙලේදී පාඨමාලා පහක් යටතේ සිසුන් අගය කිරීමට ලක් විය. එනම් Fashion Designing සහතික පත්ර පාඨමාලාව, Fashion Designing ඩිප්ලෝමාව, Fashion Designing උසස් ඩිප්ලෝමාව, නිමි ඇඳුම් පිළිබඳ ඩිප්ලෝමාව සහ මහන මැෂින් එම්බ්රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවයි. ඇගයීමට ලක් වූ සිසුන් 520 දෙනා අතුරින් 160 දෙනෙකු ඩිප්ලෝමා සහතික ද, 08 දෙනෙකු උසස් ඩිප්ලෝමා සහතික ද ලබා ගත් අතර, ඔවුන්ගේ වෘත්තීය ජීවිතවල සාර්ථකත්වයට මෙමඟින් සුවිසල් පිටුබලයක් ලැබෙනු ඇති බව නොඅනුමානය.

මෙම උළෙලේ තිබූ විශේෂාංගයක් ලෙස සිසුන්ගේ නිර්මාණවලින් සමන්විත විලාසිතා දැක්මක් ද ඇතුළත් වූ අතර, එමගින් සිසුන්ට තමන්ගේම මෝස්තර ඉදිරිපත් කිරීමටත්, පුහුණුව තුළින් ලබාගත් නිර්මාණශීලීත්වය ප්රදර්ශනය කිරීමටත් අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරී වජිර තෙන්නකෝන් මහතා, "අධ්යාපනය, කුසලතා වර්ධනය සහ නිර්මාණාත්මක අවස්ථාවන් හරහා පුද්ගලයින් සබලගැන්වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය කැපවී සිටිනවා. අපගේ විවිධාංගීකරණය වූ පාඨමාලා සහ එක් එක් සිසුවා කෙරෙහි දක්වන පෞද්ගලික අවධානය නිසා, විවිධ රුචිකත්වයන් සහ අභිලාෂයන් ඇති සිසුන්ට තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත්, එම කුසලතා භාවිත කිරීමේදී විශ්වාසය ගොඩනගා ගැනීමටත් හැකි වෙනවා. වෙනස් වන අධ්යාපනික අවශ්යතාවලට ගැලපෙන පරිදි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමටත්, මෝස්තර නිරූපණ සහ මහන ක්ෂේත්රයේ ඇති තමන්ගේ සැඟවුණු දක්ෂතාවන් හඳුනා ගැනීමට වැඩි පිරිසක් උනන්දු කිරීමටත් අපි කටයුතු කරමින් සිටිනවා." යනුවෙන් පැවසීය.

විලාසිතා ලොවේ හැඩවැඩ සමඟින් ලෝකය දිනන්නට බලාපොරොත්තු වන නිර්මාණශීලී ලාංකික තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නංවන්නට සිංගර් ෆැෂන් ඇකඩමි කවදත් සැදී පැහැදී සිටියි. 

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3
more-image-4
more-image-5
MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%