
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 191.3ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව වාර්තා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව විසින් කිසිදු ආකාරයක ඩොලර් අලෙවි කිරීමක් සිදු කර නැත.
ඒ අනුව 2026 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 1.73ක් වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලයන 7 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා අනාවරණය කර සිටියේය. 2026 ඔක්තෝබර් මාසය අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 7.09ක් ලෙසින් වාර්තා වී ඇත.















