
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (11) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,032.93ක් දක්වා ඒකක 90.46ක හෙවත් 0.41%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,349.00ක් දක්වා ඒකක 19.12ක් හෙවත් 0.30%කින් පහළ යන ලදී.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ මෙලෙස පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 6ක වර්ධනාත්මක කාලපරිච්ඡේදයකින් පසුව වීම විශේෂත්වයකි.
පසුගිය දින 6 පුරාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,092.26 සිට ඒකක22,155.34ක් දක්වා ඒකක 2,063.08ක දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය. මෙය දින 6ක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ අත්පත් කර ගනු ලැබූ 10.26%ක සුවිශේෂී කාර්යසාධනයකි.
මේ අතර අද දින දෛනික පිරිවැටුම රු. බිලියන 4.81ක් ලෙසින් වාර්තා වී තිබුණි.


















