
‘Uber Springboard 2026’ සඳහා ඉදිරිපත් වූ වාර්තාගත අයදුම්පත් 150 න් ආරම්භක ව්‍යාපාර (Startups) තුනක් තෝරා ගැනේ
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන (Ride-hailing) සහ බෙදාහැරීමේ (Delivery) සේවා පදින ශ්‍රී ලංකාවේ නැඟී එන ව්‍යවසායකයන් සබලගැන්වීම උදෙසා සංවිධානය කරන ‘Uber Springboard 2026’ තාක්ෂණික උපදේශන වැඩසටහනේ (Mentorship initiative) ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීමට Uber සමාගම පසුගියදා පියවර ගත්තේ ය. මෙවර ලැබුණු වාර්තාගත අයදුම්පත් 150 අතුරින් තෝරාගන්නා ලද Thingsnode, MonChron සහ NeuroFleets යන ආරම්භක ව්‍යාපාර (Startups) සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි Uber විශිෂ්ටතා තාක්ෂණික මධ්‍යස්ථානයේදී (Tech Centre of Excellence) Uber සමාගමේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික හා ව්‍යාපාරික නායකයන් වෙතින් සෘජු ප්‍රායෝගික උපදේශනය හා මගපෙන්වීම හිමි වනු ඇත.
තෙවැනි වරටත් පැවැත්වෙන ‘Uber Springboard’ යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ට හැකියාවන් සහිත ආරම්භක ව්‍යාපාර ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හා සබඳතාවන් සමග බද්ධ කරන සුවිශේෂී වේදිකාවකි. ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින්, නිෂ්පාදන සංවර්ධනය (Product development), තාක්ෂණය, ව්‍යාපාරික ක්රමෝපායන් සහ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම (Scaling operations) සම්බන්ධයෙන් අදාළ ව්‍යවසායකයන් වෙත ප්‍රායෝගික මගපෙන්වීමක් ලබා දෙයි. මෙවර ජයග්‍රාහී ආරම්භක ව්‍යාපාර පිරිසිදු බලශක්ති (Clean energy), කෘතිම බුද්ධිය (Artificial intelligence) සහ ප්‍රවාහන හා සම්ප්‍රේෂණ කටයුතු (Logistics) යන ක්ෂේත්‍ර නියෝජනය කරන අතර, ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් මෙරට සීමාවන්ගෙන් ඔබ්බට ගිය ගෝලීය අභියෝගයන් සඳහා විසඳුම් ලබාදීමට සමත් වන ආකාරය මින් මැනැවින් පිළිබිඹු වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ, සිය නිර්මාණශීලී අදහස් ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාර බවට පත්කිරීමේ හැකියාව සහිත ව්‍යවසායකයන් හරහායි. අපගේ වගකීම වන්නේ තාක්ෂණය, ප්‍රඥාව සහ ජාත්‍යන්තර සබඳතාවලින් පෝෂණය වූ, එවැනි අභිප්රායන් සැබෑ කරගත හැකි ව්‍යාපාරික පරිසර පද්ධතියක් (Ecosystem) නිර්මාණය කිරීමයි. මෙවර Uber Springboard වැඩසටහන සඳහා ලැබුණු වාර්තාගත අයදුම්පත් 150 න් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදනය හා ව්‍යවසායකත්වය කෙරෙහි පවතින ඉහළ උනන්දුවයි. ජයග්‍රාහී ආරම්භක ව්‍යාපාර තුන වෙත මගේ සුබපැතුම් පිරිනමන අතරම, ශ්‍රී ලාංකික දක්ෂතාවන් පෝෂණය කරමින් අපගේ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ගෝලීය සිහින සැබෑ කරගැනීමට අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් Uber සමාගම වෙත මාගේ ප්‍රශංසාව පිරිනමනවා.”
Uber Springboard 2026 ජයග්‍රාහී ආරම්භක ව්‍යාපාර (Startups)
මිගාර අමිත්ඕදන මහතා විසින් ආරම්භ කරන ලද Thingsnode ආයතනය, පිරිසිදු බලශක්ති පද්ධති නිරීක්ෂණය සහ ප්රශස්ත කිරීම සිදුකරන තාක්ෂණයන් ඔස්සේ පුනර්ජනනීය බලශක්ති මෙහෙයුම් වඩාත් ස්මාර්ට් ක්‍රමවේදයකට සිදුකිරීමට සහය වේ. දැනටමත් මෙගාවොට් 500 කට (500 MW) අධික පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයක් කළමනාකරණය කිරීම සඳහා මෙම ආයතනයේ විසඳුම් භාවිත කෙරේ.
18 හැවිරිදි ගණිඳු කන්දේපොළ මහතා විසින් ආරම්භ කරන ලද MonChron ආයතනය, AI (කෘතිම බුද්ධිය) බලගැන්වූ වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් හඳුන්වා දෙමින් මෙම ක්ෂේත්රය තුළ නව පෙරළියක් සිදුකර ඇත. මින් ලොව පුරා සිටින නිර්මාණකරුවන්ට සරල සංවාදමය උපදෙස් (Conversational interactions) ඔස්සේ වීඩියෝ නිෂ්පාදනයෙන් පසු සිදුකරන සංකීර්ණ කාර්යයන් (Post-production tasks) ස්වයංක්‍රීයව සිදුකර ගැනීමේ පහසුකම හිමි වේ.
ලාවන්‍යා රත්නබාල සහ රොබින්රෝයි පීටර් යන මහත්ම මහත්මීන් විසින් යාපනය පදනම් කරගනිමින් ආරම්භ කරන ලද NeuroFleets ආයතනය, Edge AI සහ ස්වයංක්‍රීය හාඩ්වෙයාර් (Autonomous hardware) තාක්ෂණයන් භාවිත කරමින් ප්‍රවාහන හා සම්ප්‍රේෂණ රථ පෙළ (Logistics fleets) එකිනෙක සම්බන්ධීකරණය කිරීම සහ තෙවන පාර්ශවීය ගබඩා සංකීර්ණවල (Third-party logistics warehouses) සිදුවන කාලය නාස්තිවීම් (Downtime) අවම කිරීම සිදුකරනු ලබයි.
Uber ශ්‍රී ලංකා හි ශාඛා කළමනාකරු – බෙදාහැරීම් (Country Manager – Delivery), වරුන් විජේවර්ධන මහතා මෙසේ පැවසී ය. “මෙවර ජයග්‍රාහකයන් අතරින් අප විශේෂයෙන්ම දකින කරුණ නම්, කෘතිම බුද්ධිය, ස්වයංක්‍රීය තාක්ෂණයන් සහ පිරිසිදු බලශක්තිය වැනි අනාගතයට අතිශයින්ම වැදගත් වන ක්ෂේත්‍ර ඔවුන් නියෝජනය කිරීමයි. එමෙන්ම කොළඹින් ඔබ්බට ගිය ප්‍රදේශවලින් මෙවැනි නවෝත්පාදනයන් බිහිවීම, ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ව්‍යවසායක කුසලතාවන්හි ගැඹුර මැනැවින් නිරූපණය කරන සතුටුදායක කරුණක්. Springboard වැඩසටහන ඔස්සේ මෙම කුසලතාවන් පෝෂණය කිරීමටත්, Uber සතු ගෝලීය දැනුම බෙදාහදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව සාර්ථක විය හැකි ව්‍යාපාර ගොඩනැගීමට අභිලාෂකාමී ආරම්භක ව්‍යාපාර වෙත සහය වීමටත් අප නිරන්තරයෙන් කැපවී සිටිනවා.”
Uber ශ්‍රී ලංකා හි ශාඛා කළමනාකාරිනී – ප්‍රවාහන (Country Manager – Mobility), කෞෂල්‍යා ගුණරත්න මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “18 හැවිරිදි තරුණ ව්‍යවසායකයෙකු ගෝලීය පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින් තාක්ෂණික විසඳුම් නිර්මාණය කරන විට, මින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ නවෝත්පාදකයන් සතු විශිෂ්ට හැකියාව සහ අභිප්‍රායයි. සුවිශේෂී අදහස් ඕනෑම තැනකින් බිහිවිය හැකි වුවත්, ඒවා සාර්ථක ව්‍යාපාර බවට පත්කිරීමට නිවැරදි මගපෙන්වීම සහ අවස්ථාවන් හිමිවිය යුතුයි. එම ගමනට සහයක් වීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වන අතරම, ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ අදහස් මෙරටට මෙන්ම ගෝලීය තලයටද බලපෑමක් කළ හැකි නවෝත්පාදනයන් බවට පත්කිරීමට අප සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අපගේ කෘතඥතාව පිරිනමනවා.”
තෝරාගන්නා ලද ආරම්භක ව්‍යාපාරවල නිර්මාතෘවරුන්ට හයිද්‍රාබාද් හි පිහිටි Uber තාක්ෂණික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන ව්‍යුහගත උපදේශන සැසි (Structured mentorship sessions) සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර, එහිදී නිෂ්පාදන සංවර්ධනය, තාක්ෂණය සහ ව්‍යාපාරික වර්ධනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නායකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. 2024 සහ 2025 වසරවල පැවැති Springboard වැඩසටහන්වල සාර්ථකත්වය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම තෙවැනි අදියර, ප්‍රවාහන හා බෙදාහැරීමේ ව්‍යාපාරයන්ගෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය උදෙසා Uber සමාගම දක්වන පුළුල් දායකත්වය තවදුරටත් තහවුරු කරයි.


















