header logo
Corporate News
එස්-ලෝන් ජලනල කාර්මික සමාජයට වසර 25යි
එස්-ලෝන් ජලනල කාර්මික සමාජයට වසර 25යි

ශ්‍රී ලංකාවේ ජලනල ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ දැනුම, තාක්ෂණික කුසලතා සහ වෘත්තීය පිළිගැනීම ඉහළ නැංවීම වෙනුවෙන් වසර 25ක් පුරා අඛණ්ඩව කැපවී සිටින එස්-ලෝන් ජලනල කාර්මික සමාජය සිය අභිමානවත් රිදී ජුබිලිය හෙවත් 25 වසරක ගමන්මඟ සමරයි.

මීට වසර 25කට පෙර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. සී. වීරසේකර විසින් ආරම්භ කරන ලද මෙම සමාජයේ මූලික දැක්ම වූයේ, දැනුමෙන් හා කුසලතාවයෙන් සන්නද්ධ, වෘත්තීය පිළිගැනීමක් සහිත මෙන්ම අභිමානවත් ජලනල කාර්මික ප්‍රජාවක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමයි.

ශ්‍රී ලංකාවේ ජලනල ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් එකමුතු කිරීමේ අරමුණින් ඇරඹුණු මෙම වැඩසටහන, අද වන විට දැනුම හුවමාරු කරගන්නා, කුසලතා වර්ධනය කරන සහ නව අවස්ථා නිර්මාණය කරන ශක්තිමත් වේදිකාවක් බවට පත්ව තිබේ.

මෙම සුවිශේෂී ගමන්මඟේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික වෘත්තීය සුදුසුකම් සහිත NVQ Level 3 සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් නොවැම්බර් 04 වැනිදා අනුරාධපුර පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී සාර්ථකව පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ දිවයින පුරා සිටින ජලනල කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම, ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාදීම සහ ඔවුන්ගේ වෘත්තීය අභිමානය මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි.

"අපගේ දැක්ම හුදෙක් ජලනල කාර්මික ශිල්පීන් සංඛ්‍යාව වැඩි කිරීම නොවේ; දැනුමෙන් හා කුසලතාවයෙන් සන්නද්ධ, වෘත්තීය ගරුත්වයෙන් සහ අභිමානයෙන් පිරි, ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෘත්තීය ප්‍රජාවක් ගොඩනැගීමයි" යනුවෙන් එම සමාගම සඳහන් කරයි.

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%