
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT) ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද 5වැනි SLIIT International Conference on Engineering and Technology (SICET) 2026 ජාත්‍යන්තර සමුළුව, “Engineering Resilience through Sustainable and Smart Solutions” (තිරසර සහ ස්මාර්ට් විසඳුම් හරහා ඉංජිනේරුමය ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම) යන කාලෝචිත තේමාව ඔස්සේ සාර්ථකව පැවැත්වුණි. සැප්තැම්බර් 1 සිට 4 දක්වා දින හතරක් පුරා පැවැත්වුණු මෙම සමුළුව සඳහා පර්යේෂකයන්, අධ්‍යයන ක්ෂේත්රයේ විද්වතුන්, කර්මාන්ත ක්ෂේත්රයේ වෘත්තිකයන් සහ නවෝත්පාදක සිසුන් රැසක් එක්ව සිටියහ. පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, වැඩමුළු සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් රැසකින් සමන්විත වූ මෙම සමුළුවේදී, සැබෑ ලෝකයේ පවතින ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීම අරමුණු කරගනිමින් ඉංජිනේරු, තාක්ෂණ සහ ව්‍යවහාරික විද්‍යා ක්ෂේත්රවල නවතම ප්රවණතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මහාචාර්ය ශිරෝමි කරුණාරත්නගේ සභාපතිත්වයෙන් පැවැත්වුණු SICET 2026 සමුළුව සඳහා විෂයයන් රැසක් ආවරණය වන පරිදි විෂය ප්රවීණයන්ගේ මෙහෙයවීමෙන් තාක්ෂණික අංශ සහ වැඩමුළු ඇතුළත් විය. ඒ අතරට කෘත්‍රිම බුද්ධිය, පරිගණක දර්ශනය, රොබෝ තාක්ෂණය, ස්මාර්ට් නිෂ්පාදනය (Smart Manufacturing), ජෛව-වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව, සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy), තිරසර යටිතල පහසුකම් සහ කෘෂිකාර්මික නිරීක්ෂණ (Agriculture Monitoring) යන ක්ෂේත්‍ර ප්රමුඛ විය.
දේශීය හා ජාත්‍යන්තර කර්මාන්ත ක්ෂේත්රය සහ අධ්‍යයන ක්ෂේත්රය අතර සබඳතාව ශක්තිමත් කිරීම SICET 2026 සමුළුවේ සුවිශේෂීත්වයක් විය. ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘Industry Connect Track’ හරහා කර්මාන්ත ක්ෂේත්රයේ වෘත්තිකයන්, විද්වතුන්, පර්යේෂකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර සක්‍රීය අදහස් හා දැනුම හුවමාරු කර ගැනීමට පූර්ණ අවස්ථාව හිමි විය. ඊට අමතරව, මෙවර නව නිපැයුමක් ලෙස හඳුන්වා දුන් ‘School Connect Track’ වැඩසටහන මගින් පාසල් සිසුන්ට ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්රයන් කෙරෙහි යොමු වීමට මෙන්ම ඔවුන්ගේ නවෝත්පාදන ව්‍යාපෘති සහ අදහස් ජාත්‍යන්තර තලයේදී ඉදිරිපත් කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැලසිණි.
නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ එක්සත් ජාතීන්ගේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ (UN Intergovernmental Panel on Climate Change) කටයුතු සඳහා දායක වූ දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය මෙවර සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් විය. ඉංජිනේරු සහ තාක්ෂණික ප්‍රගතිය වඩාත් තිරසර සහ සියල්ලන් ඇතුළත් අනාගතයක් උදෙසා යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳව එතුමාගේ දේශනයේදී අවධානය යොමු විය.
එහිදී අදහස් දැක්වූ දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ සඳහන් කළේ, "ඉංජිනේරු විද්‍යාවේ සැබෑ ප්‍රගතිය මැනිය හැක්කේ එය මිනිස් ජීවිත සුවපත් කරන, අසමානතාවන් අවම කරන සහ අනාගත පරම්පරාව වෙනුවෙන් මිහිකත සුරකින ආකාරයෙනි. ආර්ථික සමෘද්ධිය, සාමාජීය සාධාරණත්වය සහ පාරිසරික වගකීම එකට එකතු වී ඉදිරියට යා යුතුය. කෘත්‍රිම බුද්ධිය සහ අනෙකුත් විප්ලවීය තාක්ෂණයන් අපගේ ලෝකය වෙනස් කරමින් පවතින මෙම වටපිටාව තුළ, ඉංජිනේරුවන් නායකත්ව භූමිකාවන් භාරගත යුතු අතර, විවිධ විෂයයන් අතර සබඳතා ගොඩනගමින් සමාජයීය වගකීමකින් යුතුව කටයුතු කළ යුතුය. නවෝත්පාදනයන් මගින් මහජන යහපත සැලසෙන බව තහවුරු කිරීම සඳහා මානව අධීක්ෂණය, පාරදෘශ්‍යභාවය සහ උසස් ආචාරධාර්මික ප්රමිතීන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ," යනුවෙනි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එම්. එල්. ගම්මම්පිල මහතා ද, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස IESL හි සභාපති ඉංජිනේරු කෝසල කම්බුරුදෙනිය මහතා ද සහභාගී වූහ. සමුළුව අතරතුර පැවැත්වුණු “Engineering Resilience Through Sustainable and Smart Solutions” පිළිබඳ විද්වත් කතිකාවතේ මුලසුන මහාචාර්ය චන්දන පෙරේරා විසින් හොබවන ලද අතර, ආචාර්ය ප්‍රදීප් පෙරේරා, මහාචාර්ය නුවන් කොදාගොඩ සහ රොහාන් කුරේ මහතා ඊට සම්පත්දායකයින් ලෙස එක්වූහ. නම්‍යශීලී, තිරසර සහ ස්මාර්ට් ඉංජිනේරු විසඳුම් නිර්මාණය කිරීමේදී මතුවන නව අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව අධ්‍යයන හා කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් අදහස් දැක්වූ විද්වත් මණ්ඩලය, අනාගත සමාජයීය සහ පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමේදී ක්ෂේත්රයන් අතර පවතින සහයෝගීතාවයේ සහ කර්මාන්ත ක්ෂේත්රයේ සක්‍රීය දායකත්වයේ වැදගත්කම පෙන්වා දුන්නේය.
විදේශීය රටවල් 10කට අධික සංඛ්‍යාවක සහ ශ්‍රී ලංකාවේ සියලුම දේශීය විශ්වවිද්‍යාලවල නියෝජිතයන්ගේ සහාගිත්වයෙන් පැවැත්වුණු SICET 2026 සමුළුව, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, ප්‍රායෝගික නිරූපණයන් සහ අධ්‍යයන-කර්මාන්ත ක්ෂේත්‍ර අතර සබඳතා හරහා ඉංජිනේරු නවෝත්පාදනයන් සමාජයේ අවශ්‍යතාවයන් හා සම්බන්ධ කරන ප්‍රමුඛතම පර්යේෂණ සහ දැනුම හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස SLIIT හි කාර්යභාරය නැවතත් තහවුරු කළේය.





















