
ශ්‍රී ලංකාවේ හෝටල් පහසුකම් නිෂ්පාදන, රූපලාවණ්‍ය හා පෞද්ගලික සත්කාර ක්ෂේත්‍රවල ස්ථාපිත සන්නාමයක් වන AMAMIහි නිෂ්පාදක රන්යන් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම, CNCI Achiever Awards 2026 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ නිෂ්පාදන අංශයේ ජාතික රිදී සම්මානය දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගම දක්වන කැපවීම ඇගැයීමකි. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙල කොළඹ Cinnamon Life at City of Dreamsහිදී පැවැත්විණි. කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. රනිල් ද සිල්වා මහතා ආරම්භ කළ රන්යන් ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකාවේ හෝටල් සඳහා ආගන්තුක සත්කාර නිෂ්පාදන කට්ටල දේශීයව නිෂ්පාදනය කිරීමේ පුරෝගාමී ආයතනයකි. අද වන විට සමාගම සබන්, ෂැම්පු, කන්ඩිෂනර්, සම හා ශරීර සත්කාර නිෂ්පාදන, සුවඳකාරක, විෂබීජනාශක සහ ගෘහස්ථ හා කාර්මික පිරිසිදුකාරක ඇතුළු පුළුල් නිෂ්පාදන පෙළක් සපයයි.
Jetwing, Ramada, Galle Face Hotel, Galadari, Grand Hotel, Vivanta සහ Shangri-La ඇතුළු ප්‍රමුඛ හෝටල් සන්නාම රැසක විශ්වාසය AMAMI දිනා ගෙන තිබේ. නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ඒකාකාරී ප්‍රමිතිය පවත්වා ගැනීමත්, පාරිභෝගික අවශ්‍යතාවලට ගැළැපෙන විසඳුම් සැපැයීමත් මෙම සබඳතාවල පදනමයි. හර්ෂලා ද සිල්වා සහ රනුක ද සිල්වා යන දෙවන පරපුරේ නායකත්වය යටතේ සමාගම සිය ව්‍යාපාර උරුමය ඉදිරියට ගෙන යයි. දේශීය අමුද්‍රව්‍ය භාවිතය, නවෝත්පාදනය සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රම කෙරෙහි එහි විශේෂ අවධානය යොමු වී ඇත. 2025දීද CNCI සම්මාන දෙකක් හිමි කර ගත් සමාගමේ මෙවර ජයග්‍රහණය දේශීය කර්මාන්ත සංවර්ධනයට ඔවුන් සපයන දායකත්වය තව දුරටත් තහවුරු කරයි. ගුණාත්මක නිෂ්පාදන හා තිරසර විසඳුම් තුළින් ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට AMAMI අඛණ්ඩව කැප වී සිටියි.




















