header logo

Daily Exchange Rates

Nov 16, 2026
Top News
2027 අයවැය මගින් අපනයනකරුවන්ට ලබා දුන් සහාය පිළිබඳ JAAF ප්‍රසාදය පළ කරයි. යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලයි
2027 අයවැය මගින් අපනයනකරුවන්ට ලබා දුන් සහාය පිළිබඳ JAAF ප්‍රසාදය පළ කරයි. යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලයි

ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය (JAAF) විසින් ඉදිරිපත් කරන ලද යෝජනා රැසක් 2027 අයවැය යෝජනා සඳහා ඇතුලත් කර ඇති බවත් ඒ පිළිබඳව සිය ස්තුතිය පල කරන බවත් එම සංගමය පවසා සිටියි. 2027 අයවැය මගින් අපනයන තරඟකාරිත්වය, ආයෝජන සහ වෙළෙඳ පහසුකම් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පෙන්වා දෙන JAAF, අපනයනකරුවන්ට, සේවකයින්ට සහ ආයෝජකයින්ට එහි ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම යෝජනා කඩිනමින් සහ පැහැදිලිව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

ඇඟලු‍ම් ක්ෂේත්‍රය තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් මාර්ගය ලෙස සැලකිය හැකිය. 2025 වසරේදී මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යන ලදී. එය සමස්ත අපනයන ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 17.25 න් 32% ක් පමණ වන බැවින් අපනයනකරුවන්ට ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනය සමඟ තරඟකාරීව කටයුතු කිරීමට උපකාරී වන ඕනෑම පියවරක් ලංකාවේ ආර්ථික දියුණුවටද එය ඉතා වැදගත් වේ.

JAAF විසින් පිළිගත් යෝජනා,

ඉහළ නැංවූ  ප්‍රාග්ධන දීමනාව -  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත්, අපනයන නිෂ්පාදන සිදු කරන ආයතන අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරන්නේ නම්, එම ආයෝජන වියදම මෙන් 200%ක  බදු සහනයක් ලබා ගත හැකිය. නවීකරණය, නව තාක්ෂණය සහ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා ආයෝජකයින් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

වෙළෙඳ පහසුකම් සැලසීම - රුපියල් මිලියන 1,990ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, 2027 වසරේ පළමු භාගයේදී අපනයනකරුවන් National Single Window පද්ධතියට සම්බන්ධ කෙරේ. එමෙන්ම රේගු ආඥා පනත සංශෝධනය කිරීම, TIEP ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ කඩදාසි භාවිතයෙන් තොර (ඩිජිටල්) රේගු නිෂ්කාශන ක්‍රමයකට යොමු වීම.

ආනයන වියදම් අඩු කිරීම - භාණ්ඩ වර්ගීකරණ කේත 800කට අදාළව පනවා තිබූ සෙස් (CESS)  බදු අනුපාත 25%කින් අඩු කිරීම, ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීම සඳහා ගත් සාධනීය පියවරකි.

අපනයනකරුවන්ට සහාය වීම -  වැට් (VAT) බදු සඳහා අලු‍තින් ලියාපදිංචි වූ අපනයනකරුවන්ට ‘සුදුසුකම් ලත් අපනයනකරුවන්‘ ලෙස පිළිගැනීම වඩාත් ඉක්මනින් ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම, නීත්‍යානුකූල VAT බදු ආපසු ගෙවීම් සහ යෙදවුම් බදු බැර අහිමි වීමට හේතු වන පරිපාලනමය කොන්දේසි ද රජය විසින් සමාලෝචනය කරනු ඇත.

යුරෝපා සංගමය සමඟ හවුල්කාරිත්වය -  2027 සිට 2030 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන, යුරෝපා සංගමයේ අරමුදල් යටතේ සිදු කෙරෙන රුපියල් මිලියන 3,430ක් වටිනා ‘ශ්‍රී ලංකා-යුරෝපා සංගම් තිරසර වෙළෙඳ සහ ආර්ථික ඒකාබද්ධතා ව්‍යාපෘතිය’ මගින් අපනයන තරඟකාරිත්වයට සහ තිරසර නිෂ්පාදනයට සහාය ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “2027 අයවැය මගින් අපනයනකරුවන්ට ඉදිරියට යාමට ශක්තිමත් පදනමක් ලබා දී තිබෙනවා. අයවැය යෝජනා මගින් විශ්වාසයක් ඇති කළත්, සැබෑ ප්‍රතිඵල ලැබෙන්නේ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. ආයෝජකයින්ට ස්ථිර විශ්වාසයකින් යුතුව සිය සැලසුම් සකස් කර ගැනීමට හැකි වන පරිදි, මෙම යෝජනා ඉක්මනින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට රජය සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

රජය සමඟ සාකච්ඡා කර පහත කරුණු කිහිපය සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි තොරතුරු ලබා ගැනීමට ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය අපේක්ෂා කරයි.

● කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආයෝජන සීමාව - වැඩිදියුණු කළ ප්‍රාග්ධන දීමනාවලබා ගැනීමට නියම කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක අවම ආයෝජන සීමාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අඩු කළ හැකිද යන්න.

● සෙස් බදු අඩු කිරීමට අයත් භාණ්ඩ - සෙස් බද්ද අඩු කරන ලද භාණ්ඩ වර්ගීකරණ කේත මොනවාද යන්න සහ නව කර්මාන්තශාලා ඉදිකිරීමට පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය ඊට ඇතුළත් වේද යන්න.

● විදේශ මුදල් ගනුදෙනු සඳහා VAT විනිමය අනුපාතය - විදේශ මුදලින් සිදු කරන සැපයුම් සඳහා VAT බදු ගණනය කිරීමේදී භාවිතා කරන දර්ශක විනිමය අනුපාතය පිළිබඳ පැහැදිලි කිරීම.

● National Single Window පද්ධතිය - අපනයනකරුවන් සඳහා මෙම පද්ධතිය ව්‍යාප්ත කරන කාලරාමුව සහ එහි සීමාවන් (එයින් ආවරණය වන සේවාවන්) මොනවාද යන්න.

● බලශක්ති පිරිවැය සහ ස්ථාවරත්වය - නිෂ්පාදන ක්ෂේත්‍රයේ තරඟකාරිත්වයට අතිශයින් වැදගත් වන විදුලිය හා බලශක්ති ගාස්තු මෙන්ම අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම පිළිබඳ තත්ත්වය.

● කම්කරු නීති සංශෝධනයේ ප්‍රතිඵල-  ජාතික කම්කරු උපදේශක සභාව  හරහා JAAF ද සම්බන්ධ වීමට බලාපොරොත්තු වන, කම්කරු නීති සමාලෝචනයේ අවසන් ප්‍රතිඵලය කුමක්ද යන්න.

 යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත අඛණ්ඩව භාණ්ඩ අපනයනය කිරීමට ඇති අවස්ථාව ඉතා වැදගත් බව යළිත් අවධාරණය කරන ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය  GSP+ බදු සහනය නැවත ලබා ගැනීම සඳහා රජය සිදු කරන අයදුම් කිරීමේ ක්‍රියාවලියට කර්මාන්තයක් ලෙස සිය පූර්ණ සහාය ලබා දෙන බවද පවසා සිටියි. එමෙන්ම, අමුද්‍රව්‍ය දේශීයව සපයා ගැනීම තවදුරටත් පුළුල් කිරීමට කර්මාන්තය කැපවී සිටින අතර, එමගින් නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ සැපයුම් දාමයේ ශක්තිමත්භාවය තවත් තහවුරු වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටක් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා “ඇඟලු‍ම් කර්මාන්තය මගින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබා දෙන අතර, අපේ රට ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ නාම සමඟ සම්බන්ධ කරනවා, මෙම අයවැය මගින් අපේක්ෂා කරන ආර්ථික වර්ධනය, ආයෝජන සහ නව රැකියා අවස්ථා බිහි කිරීම වෙනුවෙන් අපගේ උපරිම දායකත්වය ලබා දීමට අප සූදානම්.” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා ස්ථාවර සහ විශ්වාසදායක පරිසරයක් ගොඩනැගීමට සහාය වීම සඳහා, ප්‍රතිපත්ති සම්පාදකයින් , පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කරනු ඇත.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%