
ශ්‍රී ලංකා ආයතනික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලැයිස්තුගත සමාගමක් මාස හයක (පළමු අර්ධයේ) කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ආදායම් සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව සටහන් කිරීමට හේලීස් PLC (Hayleys PLC) සමත්ව ඇත.
2026 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස හය සඳහා සමාගමේ මුල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් හේලිස් සමූහය සටහන් කර ඇත්තේ, දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අභියෝග හමුවේ වුවද සමාගමේ ප්‍රධාන අංශයන් හි සුවිශේෂී වර්ධනයක් අත්කර ගැනීමට හැකිවූ බවයි.
නිකුත් කර ඇති මූල්‍ය දත්තයන්ට අනුව, සමාලෝචිත මාස හයක කාලය තුළ හේලිස් සමූහයේ ඒකාබද්ධ ආදායම පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 33% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 358 ක් ලෙස සටහන් වී ඇත.
සමාගමේ මෙහෙයුම් කාර්යසාධනය පෙන්වා දෙමින් ඒකාබද්ධ EBITDA (පොලී, බදු, ක්ෂයවීම් සහ අමතර ප්‍රාග්ධන වියදම් වලට පෙර ලාභය) 46% කින් වර්ධනය වී රුපියල් බිලියන 39.13 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශුද්ධ මුල්‍ය පිරිවැය ඉහළ යාම හමුවේ වුවද, සමාගමේ බදු පෙර ලාභය (PBT) 49% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 21.31 ක් ලෙස වාර්තා වී ඇති අතර, බදු පසු ලාභය (PAT) 60% කින් වර්ධනය වී රුපියල් බිලියන 13.63 ක් බවට පත්ව ඇත.



















