header logo

Daily Exchange Rates

Nov 16, 2026
Top News
කොමර්ෂල් බැංකු සමූහය පළමු මාස 9 සඳහා රු. බිලියන 318.8 ක දළ ආදායමක් වාර්තා කරයි
කොමර්ෂල් බැංකු සමූහය පළමු මාස 9 සඳහා රු. බිලියන 318.8 ක දළ ආදායමක් වාර්තා කරයි

සේයාරූ සටහන: කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා

2026 වසරේ තුන්වන කාර්තුව තුල කොමර්ෂල් බැංකු සමූහය සිය ව්‍යාපාරික පරිමාවන් සහ ශේෂ පත්‍රයෙහි ස්ථාවර වර්ධනයක් වාර්තා කරමින් වසරේ පළමු මාස නවය අවසානයේදී කැපී පෙනෙන ශක්තිමත් ස්ථානයක සිටි.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව හා අනුබද්ධිත සමාගම් හයකින් සමන්විත මෙම සමූහය 2026 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස නවය තුළදී රුපියල් බිලියන 318.79 ක දළ ආදායමක් වාර්තා කර ඇත. එය 18.87% ක වර්ධනයක් වන අතර මෙම කාලසීමාව තුළ පොලී ආදායම ද 20.52% කින් වර්ධනය වී රුපියල් බිලියන 266.98 ක් ලෙස සටහන් විය. ණය පොතෙහි යහපත් වර්ධනය හේතුවෙන් තෙවන කාර්තුවේ පමණක් දළ ආදායම රුපියල් බිලියන 109.63 ක් දක්වා 20.01% කින් ඉහළ ගොස් ඇත.

පොලී අනුපාත ඉහළ යාම සහ තැන්පතු ප්‍රමාණයේ කැපී පෙනෙන වර්ධනය යන සාධක දෙකෙහි එකතුවෙන් සලකා බලන මාස නවය තුළ පොලී වියදම රුපියල් බිලියන 145.92 ක් දක්වා 23.62% කින් වර්ධනය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සමූහයේ ශුද්ධ පොලී ආදායම, මාස නවයක කාලය සඳහා රුපියල් බිලියන 121.06 ක් ලෙසද, තෙවන කාර්තුව සඳහා රුපියල් බිලියන 41.36 ක් වශයෙන් ද වාර්තා වූ අතර එය පිළිවෙලින් 16.98% සහ 19.30% ක වර්ධන අගයන් පෙන්නුම් කරයි.  

මෙම මාස නවය සඳහා සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 160.33 ක් දක්වා 14.37% කින් වැඩි වූ අතර, විචක්ෂණශීලි පියවරක් ලෙස හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා ප්‍රතිපාදන රුපියල් බිලියන 16.57 ක් දක්වා 17.84% කින් ඉහළ නැංවූ බව සමූහය වාර්තා කලේය. මේ හේතුවෙන් අදාළ කාලසීමාව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 143.76 ක් ලෙස වාර්තා වූ අතර එය 13.98% ක වර්ධනයකි.

කාර්ය මණ්ඩල පිරිවැය ඉහළ යාම, තාක්ෂණය මත යෙදවූ ආයෝජන හා ඒ ආශ්‍රිත වියදම් හේතුවෙන් මාස නවයක කාලය තුළ මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 47.27 ක් දක්වා 19.94% කින් ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කාලසීමාව තුළදී මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය 11.27% කින් වර්ධනය වී රුපියල් බිලියන 96.49 ක් විය.

ආදාළ කාලසීමාව තුළදී මූල්‍ය සේවා මත පනවා ඇති බදු රුපියල් බිලියන 16.75 ක් දක්වා 25.35% කින් ඉහළ ගොස් ඇති අතර එමඟින් සමූහය විසින් වාර්තා කරන ලද බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 79.74 ක් වූ අතර එය 8.71% ක වර්ධනයක් විය. එම කාල සීමාව සඳහා ආදායම් බදු රුපියල් බිලියන 27.57 ක් දක්වා 8.86% කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සලකා බලන මාස නවය තුළ සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 52.16 ක් ලෙස වාර්තා විය. එය 8.63% ක වර්ධනයකි.

“පොලී අනුපාත ඉහළ යන වාතාවරණයක් පැවතිය ද, වසරේ දෙවන සහ තෙවන කාර්තු දෙක තුළදී බැංකු ක්ෂේත්‍රයට අදාළ වෙළඳපල ගතිකත්වයන් බොහෝ දුරට ස්ථාවරව පැවතුනි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා පැවසීය. “මෙවන් පසුබිමක් තුළදී වුව ද අපගේ ප්‍රධාන මූල්‍ය දර්ශකයන් ඔස්සේ ස්ථාවර කාර්යසාධනයක් පවත්වා ගැනීමට අපට හැකි විය. නොසැලී සිටීමේ හැකියාව සහ තිරසර වර්ධනය එලෙස ම පවත්වා ගනිමින් වෙළඳපල වෙනස්වීම්වලට කඩිනම් ලෙස හා උපායමාර්ගිකව ප්‍රතිචාර දැකිවීම සඳහා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්කම් සහ ඒවා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ක්ෂේත්‍රයට බලපාන ආකාරය පිළිබඳව අපි අඛණ්ඩව සමීප අවධානයෙන් සිටින්නෙමු.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ වසරේ පළමු මාස නවය තුළ බැංකුව සහ සමූහ ව්‍යාපාරය තැන්පතු මෙන් ම ණය යන අංශ දෙකෙහිම ස්ථාවර වර්ධනයක් අඛණ්ඩව වාර්තා කර ඇති බවත් එය මෙම අංශ වල ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මනාව පෙන්නුම් කරන්නක් වන බවත්ය. “අපගේ මූලික බැංකු මෙහෙයුම් කෙරෙහි මෙන් ම අපගේ සියලු ම පාර්ශවකරුවන් හා දේශීය ජාතික ආර්ථිකය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් කෙරෙහි නොසැලෙන අවධානයක් යොමු කරමින් අපි කටයුතු කරමු. අභියෝගාත්මක කාලසීමාවන් වලදී පවා අපගේ ඉලක්කය සහ ගමන් මඟ නොවෙනස්ව පවත්වා ගැනීමට අපට ඇති හැකියාව මෙම මාස නවය තුළ අපගේ කාර්යසාධනය මගින් මනාව පිළිබිඹු වනවා,” යැයි ද ඔහු පැවසීය.

ණය දෙන්නෙකු ලෙස බැංකුව ඉටු කරන කාර්යභාරයේ තරම මනාව පෙන්නුම් කරමින් මෙම මාස නවය තුළ සමූහයේ දළ ණය සහ අත්තිකාරම් වටිනාකම රුපියල් බිලියන 348.37 කින් නැතහොත් 16.70% කින් වර්ධනය වී ඇත. එහි මාසික සාමාන්‍යය අගය රුපියල් බිලියන 38.71 ක වර්ධනයක් පෙන්නුම් කරයි. මේ අනුව 2026 සැප්තැම්බර් 30 වන විට සමූහයේ සමස්ත ණය පොතේ අගය රුපියල් ට්‍රිලියන 2.43 දක්වා ඉහළ ගොස් ඇත. ගෙවී ගිය මාස 12 තුළ ණය පොතේ වර්ධනය රුපියල් බිලියන 526.88 ක් හෙවත් 27.63% ක් වූ අතර එහි මාසික සාමාන්‍යය අගය රුපියල් බිලියන 43.91 කි.

 

මේ අතර 2026 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස නවය තුළ සමූහයේ තැන්පතු අගය රුපියල් බිලියන 418.98 කින් හෙවත් 15.52% කින් වර්ධනය වී ඇති අතර එය රුපියල් බිලියන 46.55 ක මාසික සාමාන්‍ය අගයකි. මේ අනුව සමූහයේ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.12 ක් දක්වා ඉහළ ගොස් ඇත. ගෙවී ගිය මාස 12 සඳහා තැන්පතුවල අගය රුපියල් බිලියන 530.30 කින් හෙවත් 20.49% කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර එය රුපියල් බිලියන 44.19 ක මාසික සාමාන්‍ය අගයකි. වසරේ තුන්වන කාර්තුව පමණක් ගත් කළ කොමර්ෂල් බැංකුවේ තැන්පතු ප්‍රමාණය ප්‍රථම වරට රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගියේය.

සමූහයේ සමස්ත වත්කම් වල වටිනාකම 2026 සැප්තැම්බර් 30 වන විට රුපියල් ට්‍රිලියන 3.87 ක් දක්වා රුපියල් බිලියන 496.08 කින් වර්ධනය වූ අතර එය 14.68% ක කැපී පෙනෙන වර්ධනයකි. එමෙන්ම ගෙවී ගිය මාස 12 ක කාලය සඳහා මෙම වර්ධනය රුපියල් බිලියන 642.26 ක් හෙවත් 19.87% කි. 2026 වසරේ මුල් මාස නවය තුළ වාර්තා වූ වර්ධනය මාසික සාමාන්‍යක් ලෙස දැක්වූ විට රුපියල් බිලියන 55.12 ක් වන අතර, ගෙවී ගිය වසර තුළදී එම මාසික සාමාන්‍ය අගය රුපියල් බිලියන 53.52 කි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 274ක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC‍ ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%