header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
Euro Motors වෙතින් Jetour X70 Plus සහ Jetour T2 Dark Warrior SUV මාදිලි ද්විත්වය නිල වශයෙන් එළිදක්වයි
Euro Motors වෙතින් Jetour X70 Plus සහ Jetour T2 Dark Warrior SUV මාදිලි ද්විත්වය නිල වශයෙන් එළිදක්වයි

දේශීය මෝටර් රථ වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපාරික පදනම තවදුරටත් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර මෝටර් රථ සන්නාමයක් වන Jetour සිය නවතම SUV මාදිලි ද්විත්වය වන Jetour X70 Plus සහ Jetour T2 Dark Warrior මෙරට පාරිභෝගිකයන් වෙත නිල වශයෙන් හඳුන්වා දී තිබේ. පසුගිය නොවැම්බර් 20 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පැවැති Colombo Motor Show 2026 ප්‍රදර්ශනයට සමගාමීව මෙම එළිදැක්වීම සිදු කෙරිණි. විවිධ පාරිභෝගික අවශ්‍යතා සහ ජීවන රටාවන් ඉලක්ක කර ගනිමින් සිය නිෂ්පාදන පෙළ පුළුල් කිරීම තුළින්, Jetour සන්නාමය මෙරට ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

2025 වසරේ දී Jetour සන්නාමය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් දා සිට, එහි දේශීය බලයලත් නියෝජිතයා වන Euro Motors (Pvt) Ltd සමාගම සිය අලෙවි සහ සේවා පහසුකම් වෙනුවෙන් සිදු කළ උපායමාර්ගික ආයෝජන හරහා සන්නාමයේ වෙළෙඳපොළ ව්‍යාප්තිය අඛණ්ඩව ශක්තිමත් කර ඇත. එහි සුවිශේෂී පියවරක් ලෙස පසුගියදා Colombo City Centre හිදී සිය දෙවන ප්‍රදර්ශනාගාරය විවෘත කළ සමාගම, අනුරාධපුරයේ නවතම 3S (Sales, Service,Spare parts) මධ්‍යස්ථානය ද ආරම්භ කළේය. මෙම වර්ධනයත් සමඟ ඉදිරියේ දී මහනුවර, යාපනය, කුරුණෑගල, මඩකලපුව සහ අම්පාර යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් සිය දීපව්‍යාප්ත මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කිරීමටත්, Jetour සන්නාමයේ ප්‍රමුඛතම මාදිලිය මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමටත් Euro Motors සමාගම සැලසුම් කර තිබේ.

මෙම නව හඳුන්වා දීම් පිළිබඳව අදහස් දක්වමින් Euro Motors සමාගමේ විධායක අධ්‍යක්ෂ සමීර් ඉම්තියාස් මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ ඉතා ශක්තිමත් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට Jetour සන්නාමය මේ වන විට සමත්ව තිබෙනවා. මෙරටට හඳුන්වා දුන් පළමු වසර තුළදීම වැඩිම අලෙවියක් වාර්තා කළ seven-seater SUV රථ අතරට එක්වීමට Jetour X70 සමත් වූ අතර, Jetour T2 මාදිලිය ද පාරිභෝගිකයන්ගේ ඉහළම ආකර්ෂණය දිනා ගනිමින් මෙරට වැඩිම අලෙවියක් සහිත SUV රථය බවට පත් වුණා. එම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන Jetour T2 Dark Warrior මාදිලිය, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන උසස් නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කිරීම සඳහා අප සතු කැපවීම යළිත් තහවුරු කරන පියවරක්.”

ඉහළ කාර්යසාධනයක් සහ මනා ඉන්ධන පිරිමැස්මක් සමබරව ලබා දෙන බහුකාර්ය ආසන හතේ SUV රථයක් ලෙස හඳුන්වා දී ඇති Jetour X70 Plus, 1.5L turbocharged එන්ජිමකින් සහ 7-speed gearbox පද්ධතියකින් බලගැන්වේ. නවීනතම ආරක්ෂිත විශේෂාංග ඇතුළත් ADAS Level 2 තාක්ෂණයෙන් ද සමන්විත මෙම රථය, විශේෂ හඳුන්වා දීමේ මිලක් යටතේ රුපියල් මිලියන 19.5කට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය.

T2 මාදිලි පෙළට වඩාත් ආකර්ෂණීය සහ සුවිශේෂී පෙනුමක් එක් කරන Jetour T2 Dark Warrior රථය, නිෂ්පාදකයා විසින්ම සපයනු ලබන Genuine accessories රැසකින් සමන්විත වේ. ආකර්ෂණීය ඉදිරිපස ග්‍රිල් නිමාව, Sporty body kits සහ රථයට පහසුවෙන් ගොඩවීම සඳහා Electrically operated side steps මීට ඇතුළත් වන අතර, පාරිභෝගිකයන්ට සිය පෞද්ගලික රුචිකත්වය අනුව විවිධ උපාංග තෝරා ගනිමින් රථය හැඩගන්වා ගැනීමේ අවස්ථාව ද හිමි වේ.

ශ්‍රී ලංකාවේ Jetour බලයලත් අලෙවි නියෝජිතයා ලෙස Euro Motors සමාගම, නිෂ්පාදකයාගේ පූර්ණ වගකීම් සහතික, මුල් අමතර කොටස් සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවන් හරහා පාරිභෝගිකයන් වෙත විශ්වාසනීය මෝටර් රථ හිමිකාරිත්ව අත්දැකීමක් තහවුරු කරයි.

2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයට පැමිණි පාරිභෝගිකයන්ට Jetour T1 සහ T2 මාදිලි සමඟින් මෙම නවතම රථ ද්විත්වය ද සියැසින් දැකබලා ගැනීමට අවස්ථාව උදා විය. එහිදී ප්‍රදර්ශනයට සමගාමීව පිරිනැමූ සුවිශේෂී දීමනා, ප්‍රමුඛ පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන හරහා ලබා දුන් නම්‍යශීලී මූල්‍ය පහසුකම් මෙන්ම නව රථ වෙන්කරවා ගැනීමේ පහසුකම් ද පාරිභෝගිකයන් වෙත සලසා දී තිබිණි.

පුළුල් වන නිෂ්පාදන පෙළ, නව අලෙවි නියෝජිත ජාල ව්‍යාප්තිය සහ 2027 වසරේ දී හඳුන්වා දීමට සැලසුම් කර ඇති නවතම මාදිලි සමඟින්, ශ්‍රී ලාංකේය SUV පාරිභෝගිකයන් වෙත වඩාත් පුළුල් තේරීම් අවස්ථා ලබා දෙමින් දේශීය වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට Jetour සහ Euro Motors සමාගම අඛණ්ඩව කැපවී සිටී.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%