header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
AMW සමාගම Colombo Motor Show 2026 හිදී නවතම Yamaha XSR-155 සහ NMAX-155 යතුරුපැදි එළිදක්වයි
AMW සමාගම Colombo Motor Show 2026 හිදී නවතම Yamaha XSR-155 සහ NMAX-155 යතුරුපැදි එළිදක්වයි

ශ්‍රී ලංකාවේ Yamaha හි බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, දේශීය වෙළඳපොළ වෙනුවෙන් නවතම 155cc යතුරුපැදි මාදිලි දෙකක්, එනම් සම්භාව්ය පෙනුමකින් (retro-styled) යුත් Yamaha XSR-155 යතුරුපැදිය සහ Yamaha NMAX-155 ස්කූටරය, BMICH හි පැවැත්වෙන Colombo Motor Show 2026 ප්‍රදර්ශනයේ දී එළිදැක්වීය.

මෙම ද්විත්ව හඳුන්වාදීමත් සමඟ, Yamaha හි ශ්‍රී ලංකා මාදිලි පෙළට එකිනෙකට වෙනස් ධාවන රටා දෙකක් එක් වේ. ඉන් එකක් ඓතිහාසික පෙනුමක් ඇති මැනුවල් (manual) යතුරුපැදියක් වන අතර, අනෙක නගරයේ එදිනෙදා ගමන් සඳහාම නිපදවූ ස්මාර්ට් පහසුකම් සහිත ස්වයංක්‍රීය (automatic) ස්කූටරයකි.

AMW සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ජවහර් ගනේෂ් මහතා සිය අදහස් මෙලෙස ප්රකාශ කළේය. "ශ්රී ලංකාවේ ධාවකයන් දැන් තම ජීවන රටාවට ගැළපෙන පරිදි යතුරුපැදි තෝරා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වනවා. එය කොළඹ එදිනෙදා රථවාහන තදබදය මැද සැහැල්ලුවෙන් ගමන් කිරීමට උදව් වන නවීන තාක්ෂණය විය හැකියි, නැතිනම් සති අන්තයේ විඳිය හැකි සැබෑ යතුරුපැදි ධාවන අත්දැකීම විය හැකියි. Yamaha හි ගෝලීය ජපන් ඉංජිනේරු තාක්ෂණය සහ AMW හි දිවයින පුරා විහිදුණු අලෙවියෙන් පසු සේවා ජාලයේ ශක්තිය සමඟින්, XSR-155 සහ NMAX-155 මාදිලි දෙක එකවර Colombo Motor Show හිදී හඳුන්වා දීම හරහා, ස්මාර්ට් පහසුකම් සහිත ස්කූටරයක ප්රායෝගික බව සහ රෙට්රෝ (retro) යතුරුපැදියක ආකර්ෂණීය පෙනුම අතරින් තමන්ට ගැළපෙන පැහැදිලි තේරීමක් කිරීමට ධාවකයන්ට අවස්ථාව ලැබෙනවා."

නවීන තාක්ෂණික පහසුකම් සමඟ සම්භාව්ය යතුරුපැදියක පෙනුම සහ සමබරතාව අපේක්ෂා කරන ධාවකයන් වෙනුවෙන් නිර්මාණය කර ඇති Yamaha XSR-155 මාදිලිය, 155cc, වාතයෙන් සිසිල් වන (air-cooled), 4-stroke, SOHC, 4-valve, fuel-injected එන්ජිමකින් සමන්විත වේ. ඊට අමතරව වටකුරු LED ඉදිරිපස ලාම්පුවක්, LED පසුපස ලාම්පුවක්, ඩිජිටල් මීටර් පුවරුවක් (digital instrument cluster) සහ ලීටර් 10ක ඉන්ධන ටැංකියක් ද මීට ඇතුළත් වේ. 6-speed constant mesh ගියර් පද්ධතියක් සහ wet multiple-disc ක්ලච් එකක් සමඟ එන මෙම එන්ජින් පද්ධතිය, 10,000 rpm හිදී 13.5 kW (18.4 PS) බලයක් සහ 7,500 rpm හිදී 14.2 Nm ව්යවර්ථයක් (torque) නිපදවයි. කිලෝග්රෑම් 134ක බරකින් යුත් මෙම යතුරුපැදියේ Deltabox රාමුවක්, ටෙලස්කොපික් ඉදිරිපස ෆෝක් (telescopic front forks), ලින්ක්-ටයිප් ස්වින්ග්-ආම් පසුපස සස්පෙන්ෂන් (link-type swingarm rear suspension), අඟල් 17 ටියුබ්ලස් ටයර් (tubeless tyres), මිලිමීටර් 810ක ආසන උසක්, මිලිමීටර් 170ක ග්රවුන්ඩ් ක්ලියරන්ස් (ground clearance) උසක් සහ dual-channel ABS සහිත ඉදිරිපස හා පසුපස හයිඩ්රොලික් තනි ඩිස්ක් තිරිංග (hydraulic single disc brakes) පිහිටා ඇත.

එදිනෙදා නාගරික ගමන්වලදී සුවපහසුව සහ ස්මාර්ට් පහසුකම් අපේක්ෂා කරන ධාවකයන් වෙනුවෙන් නිර්මාණය කර ඇති Yamaha NMAX-155 මාදිලියට, 8,000 rpm හිදී 11.1 kW බලයක් සහ 6,500 rpm හිදී 14.0 Nm ව්යවර්ථයක් (torque) ලබා දෙන 155cc ද්රව-සිසිලන (liquid-cooled), 4-stroke, SOHC, 4-valve, fuel-injected එන්ජිමක් සවි කර ඇත. ලීටර් 7.1ක ඉන්ධන ටැංකියකින් සහ 57 g/km CO2 විමෝචනයකින් සමන්විත මෙම ස්කූටරය, තෝරා ගත හැකි ride modes සහිත Yamaha හි Electric Continuously Variable Transmission (YECVT) තාක්ෂණය හඳුන්වා දෙයි. ඉන්ධන සහ අනෙකුත් ද්රව සමඟ කිලෝග්රෑම් 135ක බරකින් යුත් මෙම මාදිලියේ, පහසුවෙන් ළඟා විය හැකි මිලිමීටර් 770ක ආසන උසක්, මිලිමීටර් 125ක ග්රවුන්ඩ් ක්ලියරන්ස් (ground clearance) උසක්, ටෙලස්කොපික් ඉදිරිපස ෆෝක් (telescopic front forks), යුනිට් ස්වින්ග් පසුපස සස්පෙන්ෂන් (unit swing rear suspension), අඟල් 13 ටයර් (tyres), ඉදිරිපස හා පසුපස හයිඩ්රොලික් තනි ඩිස්ක් තිරිංග (hydraulic single disc brakes), සහ තිරය මත Garmin StreetCross navigation, MyRide smartphone connectivity සහ smart keyless ignition system එකක් සහිත අඟල් 4.2ක display එකක් ද ඇතුළත් වේ.

මෙම මාදිලි දෙක පිළිබඳව සම්පූර්ණ තාක්ෂණික විස්තර සහ අලෙවි නියෝජිත තොරතුරු yamaha.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

155cc එන්ජින් ධාරිතාවක්, නමුත් හාත්පසින්ම වෙනස් ධාවන අත්දැකීම් දෙකක්.

 

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%