header logo

Daily Exchange Rates

Nov 23, 2026
Top News
කිසිදු ආනයනයක් සිදුනොකර TT ක්‍රමය හරහා ඩොලර් පිටමං කිරීම සංවිධානාත්මකව සිදුවූවක් - මහ බැංකු අධිපති
කිසිදු ආනයනයක් සිදුනොකර TT ක්‍රමය හරහා ඩොලර් පිටමං කිරීම සංවිධානාත්මකව සිදුවූවක් - මහ බැංකු අධිපති

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් TT ක්‍රමය හරහා විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටට යැවීමට සැලැස්වීම, බැංකු ශාඛා කිහිපයක ඇතැම් නිලධාරීන්ගේ සහාය ඇතිව සංවිධානාත්මකව සිදුකරන ලැබූ දෙයක් බවත්, මේ වන විට ඒ සම්බන්ධයෙන් පැවති නීති දැඩි කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය කාලය තුළ, TT ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් පිටමං කර ඇති බවට සැකකරුවන් කිහිපදෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඒ පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්විමන් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කිසිදු ආනයනයක් සිදු නොකර පසුගිය කාලයේ දී මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටතට ඩොලර් ගෙනයාම් සිදූවූයේ ආනයනය ක්‍රියාපටිපාටියේ පවතින දෝෂයක් ද, නැතිනම් මෙරට බැංකු පද්ධතියේ තියෙන හිඩැසක් හේතුවෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ, මේ වන විට එලෙස භාණ්ඩ ආනයනය කිරීම්වලට අදාළව නීති දැඩි කර ඇති බවයි. 

පසුගිය (20) දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ පැවසීය.

“මුදල් අමාත්‍යාංශයේ import export දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තිබුණා, ආනයන කරන අයට ඩොලර් 50,000ක් වෙනකං advance payment  එකක් ගන්න පුළුවන් කියලා චක්‍රලේඛයක්. දෙයක් import කරලා, බැංකුවකට ඉන්වොයිස් එකක් අරන් ඇවිල්ලා. ඩොලර් 50,000ක් යවන්න පුළුවන් import කරනවා කියලා. ගියාට පස්සේ ඒ තොරතුර කස්ටම් එකේ ASYCUDA කියන සිස්ටම් එකක් රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් වුණාම කස්ටම් එකේ වගකීම තමයි, දෙයක් import කරන්න දුන්නාම දවස් 180ක් ඇතුළත ගේන්න ඕනේ. දවස් 180ක් ඇතුළත ගෙනාවම ඒ සිස්ටම් එකේ වාර්තා කරන්න ඕනේ. ගෙනාවේ නැත්නම් ඒක දැනුම් දෙන්න ඕනේ අපේ (මහ බැංකුවේ) විදේශ විනිමය දෙපාර්තමේන්තුවට. BOI නොවන ඒවට තියෙන වගකීම තමයි, කස්ටම් එකෙන් ඒක වාර්තා කළොත් අපේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවට, ඒගොල්ලෝ ඒක විදේශ විනිමය නීති උල්ලංගණයක් විදියට නීතියෙන් කටයුතු කරනවා. කස්ටම් එකෙන් ගොඩාක් කල් දීලා තිබුණේ නැහැ. ඇත්තවශයෙන්ම වාර්තා කරන්න කලින් ඉඳලාම අපේ විදේශ විනිමය දොපර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ල ගෙන යම්කිසි ක්‍රියාවලියක හිටියා. පස්සේ තොරතුරු ලැබුණා, මේගෝල්ලෝ ඒක දිගටම කරගෙන යන එකක් කියලා. ඊට පස්සේ තමයි පොලිසියි මැදිහත් වෙලා පරීක්ෂණ කරලා තොරතුරු හොයාගත්තේ විශාල ප්‍රමාණයක් ඇඩ්වාන්ස් අරන් තියෙනවා, ඩොලර් 50,000 ගාණේ. නමුත් මාස 06 ඇතුළත මේ බඩු ගෙන්නලා නැහැ. සමහර ඒවා කස්ටම් එකේ වාර්තා වෙලාත් නැහැ. වාර්තා වුණත් ඒක අපිට දැනුම් දීලාත් නැහැ. දැනුම් දීපු ඒවාට යම්කිසි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. නමුත් දැනුම් නොදීපු ප්‍රමාණය විශාලයි කියලා පස්සේ තමයි හොයාගෙන තියෙන්නේ. ඒකට නීතිය ක්‍රියාත්මක කරන ආයතන මගින් හොයාගෙන නීති මගින් කටයුතු කරලා තියෙනවා. බැංකුවල කිහිපදෙනෙක් සම්බන්ධවෙලා තියෙනවා. ඉන්වොයිස් එකක් අරන් ආවම සමහර බැංකු ශාඛා කිහිපයකට විතරයි අරන් ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒක සංවිධානාත්මකව කරපු දෙයක්. අනිත් පැත්තෙන් කස්ටම් එකෙනුත් මෙහෙට වාර්තා වෙලා නැහැ, භාණ්ඩ ගෙනාවේ නැහැ කියල එක. දවස් 180ට පස්සේ නේ දැනගන්නේ මේක ගෙනාවද නැද්ද කියල එක. ඉන්වොයිස් එකක් අරන් ආපුවාම ඒක දෙන්න ඕනේ. නමුත් දැන් අලුතෙන් නීතිය තද කරලා තියෙනවා“

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%