
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වන විෂන් කෙයා, වසර 27 කට පසු කුරුණෑගල නගරයේ සිය සේවා තවදුරටත් පුළුල් කරමින්, මවුන්ට් ලෝටස් රෝහලේ පරිශ්‍රය තුළ සිය නවතම ශාඛාව විවෘත කරන ලදී. අංක 22 සහ 22/2, යූ. බී. වන්නිනායක මාවත, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහලේ පළමු මහලේ විවෘත වූ මෙම නව ශාඛාව, කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි දෙවන විෂන් කෙයා ශාඛාව ලෙස ක්‍රියාත්මක වේ.
නවීන පහසුකම් සහ වඩාත් ඉඩකඩ සහිත පාරිභෝගික සේවා පරිසරයක් සමඟින් ස්ථාපිත කර ඇති මෙම ශාඛාව හරහා කුරුණෑගල සහ අවට ප්‍රදේශවල ජනතාවට උසස් තත්ත්වයේ දෘෂ්ටි සත්කාර සේවාවන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඇස් කණ්ණාඩි විසඳුම් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදා වේ.
නවීනතම තාක්ෂණයෙන් සමන්විත උපකරණ භාවිතයෙන් සිදුකරනු ලබන අක්ෂි පරීක්ෂණ මෙම ශාඛාවේ තවත් විශේෂත්වයකි. එමඟින් පාරිභෝගිකයන්ගේ දෘෂ්ටි අවශ්‍යතා නිවැරදිව තක්සේරු කරමින්, ඔවුන්ට වඩාත් සුදුසු දෘෂ්ටි විසඳුම් නිර්දේශ කිරීමේ හැකියාව සැලසේ. එමෙන්ම, විවිධ මාදිලිවල ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි මෙන්ම අක්ෂි කාච ඇතුළු පුළුල් නිෂ්පාදන හා සේවා පරාසයකින් ද මෙම නව ශාඛාව සමන්විත වේ. Ray-Ban, Vogue සහ Polaroid වැනි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් ද මෙහිදී ලබාගත හැකි අතර, විවිධ වයස් කාණ්ඩවල සහ රුචිකත්වයන්හි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිෂ්පාදන තෝරාගැනීමේ අවස්ථාව ද සලසා තිබේ.
පළපුරුදු සහ සුහදශීලී වෘත්තිකයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමඟින් ක්‍රියාත්මක වන මෙම ශාඛාව, සෑම පාරිභෝගිකයෙකුටම ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන්ට ගැළපෙන ගුණාත්මක සහ විශ්වාසදායක දෘෂ්ටි විසඳුම් ලබාදීම වෙනුවෙන් කැපවී සිටී.
වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ දෘෂ්ටි සහ ශ්‍රවණ සත්කාර ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් ලෙස ස්ථාපිත වී ඇති විෂන් කෙයා, වෘත්තීය විශේෂඥතාව, නවීන තාක්ෂණය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාව ඔස්සේ සිය සේවා ජාලය අඛණ්ඩව පුළුල් කරමින් සිටී. කුරුණෑගලට වසර 27කට පසු දෙවෙනි වරටත් පැමිණීමත් සමඟින්, ප්‍රදේශයේ ජනතාවට වඩාත් සමීපව, උසස් තත්ත්වයේ දෘෂ්ටි සත්කාර විසඳුම් ලබාදීමට විෂන් කෙයා තවදුරටත් කැපවී ක්‍රියා කරයි.


























