
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2026 දෙසැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ චෙන්නායි අතර ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කරයි. දිනපතා ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා නගර දෙක අතර ගමන් කරනා ගුවන් මගීන්ට වඩාත් සුවපහසු හා නම්‍යශීලී සංචාරක අත්දැකීමක් ලබා දීමට FitsAir ගුවන් සමාගම අපේක්ෂා කරයි.
මෙම ගුවන් ගමන් සේවාව යළි ආරම්භ කිරීම නිමිත්තෙන් FitsAir ගුවන් සමාගම විසින් රුපියල් 66,000 සිට ආරම්භ වන විශේෂ හඳුන්වාදීමේ ගාස්තුවක් යටතේ ටිකට්පත් ලබා දීමට කටයුතු යොදා තිබේ. එම ගාස්තුවට කිලෝග්‍රෑම් 20 ක පරීක්ෂා කළ ගමන් මලු සහ කිලෝග්‍රෑම් 7 ක අත් ගමන් මලු රැගෙන යාමේ පහසුකම ඇතුළත් කර තිබේ.
චෙන්නායි වෙත ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීම, ඉන්දියානු වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කලාපීය ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සඳහා FitsAir ගුවන් සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරයි. දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම වාණිජ, සෞඛ්‍ය සේවා සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් වන චෙන්නායි නරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ව්‍යාපාරික, සංචාරක සහ පෞද්ගලික ගමන් බිමන් සඳහා සුවිශේෂී වැදගත්කමක් උසුලයි. දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සේවාව ඔස්සේ මගීන්ට පහසු සහ දැරිය හැකි මිලකට ගුවන් ගමන් පහසුකම් සලසන අතර, දෙරට අතර වර්ධනය වෙමින් පවතින ආර්ථික සහ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වේ.
මෙම ගුවන් ගමන් සේවාව යළි ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින් FitsAir ගුවන් සමාගමෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් මෙසේ පැවසීය. “චෙන්නායි වෙත අපගේ ගුවන් ගමන් සේවාව නැවත ආරම්භ කිරීම, වඩාත් ශක්තිමත් සහ තිරසාර ගුවන් සේවයක් ගොඩනැගීම සඳහා අප දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරනවා. වෙළෙඳපොළ ඉල්ලුමට ගැළපෙන පරිදි අපගේ ගුවන් ගමන් ජාලය සංවර්ධනය කරමින්, සාධාරණ මිලකට විශ්වාසනීය ගුවන් ගමන් අත්දැකීමක් පිරිනැමීම සඳහා අප ලබාදී ඇති පොරොන්දුව අඛණ්ඩව ඉටුකිරීම අපගේ අරමුණයි.”
දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු, නියමිත වේලාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සහ අනවශ්‍ය අපහසුතාවලින් තොර සංචාරක අත්දැකීමක් ලබාදීම කෙරෙහි ප්‍රමුඛත්වය දෙමින්, කලාපීය ගුවන් මගීන් සඳහා පහසු සහ ප්‍රායෝගික ගුවන් ගමන් සේවා විකල්පයක් ලෙස FitsAir සිය ස්ථානය තවදුරටත් තහවුරු කරමින් සිටියි.
කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ පහසුකම www.fitsair.com යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.






















