අනාගත නවෝත්පාදකයින් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනියි

    July, 22, 2024

    ශ‍්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය සඳහා NDB බැංකුව ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. ජාතියේ අනාගතය සවිබල ගැන්වීම සහ නැගී එන නව නිපැයුම්කරුවන්ට සහාය දීම සඳහා NDB හි ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය මඟින් පිළිඹිබු කරයි. සිය තිරසාර ක‍්‍රියාකාරකම් වල තවත් වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය සමඟ NDB බැංකුව අත්වැල් බැඳගෙන ඇත.

    මෙම “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය දිවයින පුරා විසිරී සිටින සිසුන් සහ වැඩිහිටියන් සඳහා සිය නිර්මාණශීලී හැකියාවන් ප‍්‍රදර්ශනය කළ හැකි මහඟු අවස්ථාවකි. 2024 ජූලි මස ආරම්භ කරන පළාත් මට්ටමේ තේරීම්, 2024 අගෝස්තු මස දක්වා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන අතර නැගී එන නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණශීලී අදහස් හඳුනා ගැනීමට සහ සහයෝගය ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් මෙමඟින් ලබා දේ.

    මෙහිදී පවත්වන සෑම පළාත් වැඩසටහනක් අතරතුරම, NDB බැංකුව විසින් සහභාගී වන්නන්ගේ අනාගත ව්‍යාපාර සහ ව්‍යාපෘති වලට සහාය වීම සඳහා ඔවුන්ගේ මූල්‍ය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ සැසි පවත්වනු ලබයි. මීට අමතරව, තරුණ තරුණියන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් නිර්මාණය කර ඇති තාරුණ්‍ය වෙනුවෙන්ම වෙන් වූ NDB ZEE ගිණුම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන අතර, මෙවැනි වැඩසටහන් වලට දායක වීම මඟින් අනාගත පරම්පරාවේ නායකයින් සහ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම තහවුරු කරයි.

    ජාතික අවසන් මහා තරඟය සඳහා තෝරාගත් නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීම, ඔවුන්ගේ එම වටිනා අදහස් ආරක්ෂා කර ඇති බවට තහවුරු කෙරෙන අතර, අනාගතයේ සාර්ථකත්වය සඳහා SLIC ආයතනය මඟින් ඉතා වටිනා සහායක් ලබා දෙනු ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන SLIC ආයතනය මඟින් දේශීය නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම සිදු කරනු ලබයි. දැනුම හුවමාරු කරගැනීම, ධාරිතාව වර්ධනය කිරීම, සම්පත් දායකයින්ගේ මඟ පෙන්වීම සහ නව තාක්ෂණය පිළිබඳ දැනුම හා නවෝත්පාදනයන් සඳහා මූල්‍ය, තාක්ෂණික, නෛතික සහ අළෙවිකරණ සහාය වැනි සුවිශේෂී වරප‍්‍රසාද ලබා දෙන විවිධ වැඩසටහන් හරහා පාසැල් සිසුන් අතර මෙම නවෝත්පාදන බිහි කිරීමේ සංස්කෘතියන් නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් SLIC ආයතනය මඟින් ඉටු කරනු ලබයි.

    “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය සඳහා SLIC සමඟ NDB බැංකුවේ මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ නවෝත්පාදනයන් සඳහා සහාය දැක්වීමෙහි ලා අපගේ අඛණ්ඩ කැපවීම පිළිබඳ සාක්ෂියකි. අපගේ තරුණ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය වෙනුවෙන් ආයෝජනය කිරීම සමස්ථ ජාතියටම, වඩාත් සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට උපකාරී වන බව අප විශ්වාස කරන්නෙමු.

    “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය සහ ඒ සඳහා NDB බැංකුවේ දායකත්වය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අපගේ නිළ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඔබගේ ළඟම ඇති NDB බැංකු ශාඛාවට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ද ලබා ගත හැක. මෙම සහයෝගීතාවය හේතුවෙන් ඉස්මතු වන කැපී පෙනෙන නව නිපැයුම් සහ නවෝත්පාදනයන් සියැසින් දැක බලා ගැනීමට සහ ශ‍්‍රී ලංකාවේ අනාගත නව නිපැයුම්කරුවන් සඳහා අඛණ්ඩ සහාය ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

     

    ඡායාරූප විස්තරය - NDB සහ SLIC නිලධාරීන් අතර නිල ගිවිසුම අත්සන් කිරීම

    Video Story

    Stock Market

    Exchange Rates