July, 23, 2019
1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥාපනතෙහි ප්‍රධාන කාර්යය වන්නේ සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ සුබසාධනය පවත්වාගෙන යාමට ඉවහල් වන අයුරින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් කර්මාන්තශාලා පරීක්ෂා කිරීමයි.
මෙම පනතේ විධිවිධාන අවුරුදු 65කට අධික කාලයක් ක්‍රියාත්මක වුවද ඊට අදාළව මේ දක්වා සම්පාදනය කර ඇත්තේ නියෝග කිහිපයක් පමණි.
ඒ අනුව, ඵලදායී අයුරින් නීතිය බලගැන්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එම පනතට අදාළව කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම සහ කර්මාන්තශාලා ගොඩනැඟිලි අනුමත කිරීම; හුමාල බොයිලේරු ලියාපදිංචි කිරීම; හුමාල බොයිලේරු සහ සෙසු පීඩන භාජන පරීක්ෂා කිරීම පිළිබඳ සහතික නිකුත් කිරීම; අධික ශබ්දයෙන් සේවකයින් ආරක්ෂා කිරීම සහ වැඩබිමේ ප්‍රමාණවත් ලෙස ආලෝකය සැපයිම යන කරුණු සඳහා වන පොදු සම්මත නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත්, එම අනුමැතිය ලද පසු අදාළ නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිසත් අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story