May, 30, 2026
2026 වසරේ මැයි මස අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 5.4%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
මහ බැංකුව පවසන්නේ, 2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමේ බලපෑමෙන් පසුව විදේශීය අංශයේ ඇති වූ පීඩනය ඉහළ යෑම පිළිබිඹු කරමින් මෙලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.
මෙම අවප්‍රමාණය වීම, කලාපීය රටවල මුදල් ඒකකයන්හි දක්නට ලැබුණු අවප්‍රමාණය වීම්වලට සමගාමීව සිදුව ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story