ප්‍රයිම් සමූහය 2026 Real Estate Asia සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වෙයි

    May, 29, 2026

    ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් අංශයට ලබාදෙන අනුපමේය දායකත්වය වෙනුවෙන් ප්‍රයිම් සමාගම අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වේ

    2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී ප්‍රයිම් සමූහය නැවතත් “වසරේ ශ්‍රී ලාංකේය සංවර්ධකයා” ලෙසට ගෞරවයට පාත්‍ර වී තිබේ. එය ප්‍රයිම් සන්නාමය කෙරෙහි පවතින සෘජු විශ්වාසයත්, ඔවුන් කෙරෙහි පවතින අඛණ්ඩ පිළිගැනීමත් සනිටුහන් කරන තවත් මංසළකුණක් වේ. කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වී සිටින විශාලතම දේපළ වෙළඳාම් ආයතනය වන Prime Lands Residencies PLC, ශ්‍රී ලංකාවේ නිවාස ඒකක ඉදිකිරීම් අංශයට අඛණ්ඩව ලබාදෙන නායකත්වය ඔස්සේ මෙම ජයග්‍රහණය ලැබී තිබේ.

    අඛණ්ඩව වසර දෙකක් පුරාවටම, ප්‍රයිම් සමූහය මෙම Real Estate Asia Awards උළෙලේදී සම්මාන ලබාගනිමින් පිළිගැනීමට ලක්ව සිටී. එය විශිෂ්ටත්වයෙන් සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව, පාරිභෝගික කේන්ද්‍රීය ජීවන අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් සමූහය දක්වන කැපවීම නැවත නැවතත් තහවුරු කරයි. Real Estate Asia Awards උළෙල මගින්, ආසියාව පුරා දිනෙන් දින වෙනස් වන දේපළ වෙළඳාම් ලෝකයේ සුවිශේෂී ජයග්‍රහණයන් සාඩම්බරයෙන් යුතුව එළිදක්වයි. එසේම, නවෝත්පාදනයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව තම ප්‍රජාවන්ට තිරසාර බලපෑමක් ඇති කරනා පාර්ශවකරුවන්වද මේ ඔස්සේ ඔවුන් හඳුනා ගනී. ඒ අනුව, Real Estate Asia Awards යනු දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් නිර්වචනය කරනා වේදිකාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අතර, පාරිභෝගිකයින් විසින් ප්‍රයිම් සමූහය කෙරෙහි තබා ඇති විශ්වාසයද ප්‍රයිම් සමූහය ලබාගත් මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වේ. හුදු ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඔබ්බට ගොස්, මනා ජීවන රටාවක් සමඟ, සුවපහසුව සහ දිගුකාලීන වටිනාකමක් මත කේන්ද්‍රගත වූ නිවාස ඒකකයන් පිරිනැමීම සඳහා ප්‍රයිම් දක්වන කැපවීම, සමූහයට ලැබෙන මෙම සෑම සම්මානයකින්ම නියෝජනය වනු ඇත.

    ජාත්‍යන්තර මට්ටමින් නිරන්තරයෙන් ඇගයීමට ලක් වන, විශිෂ්ට සන්නාම ප්‍රමිතියකින්, විශ්වසනීයත්වයකින් සහ මනා දැක්මකින් යුතු සමාගමක් විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සඳහා තමන් ආයෝජනය කරන බවට පාරිභෝගිකයින් තුළ පවතින විශ්වාසය ප්‍රයිම් සමූහය ලැබූ මෙම සම්මානය මගින්  තහවුරු කෙරෙනු ඇත. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක පළපුරුද්දක් ඇති ප්‍රයිම් සමූහයේ ප්‍රමුඛතම නිවාස ඒකක සංවර්ධන අංශය ලෙසට Prime Lands Residencies PLC ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ඉතිහාසය පුරාම, ප්‍රයිම් සමූහය, ඉඩම්, නිවාස සහ නිවාස ඒකක සංවර්ධන කටයුතු කෙරෙහි සිය අවධානය යොමු කර තිබෙන අතර, ඒ ඔස්සේ අචලව පවතින පාරිභෝගික විශ්වාසයක් ගොඩනැංවීම සඳහා පදනම වැටී ඇත.

    වසර ගණනාවක් පුරාවට ප්‍රයිම් සමූහයට ලැබෙන මෙම ගෞරව සම්මානය, ප්‍රයිම් පාරිභෝගික නිවාස හිමියන් දැනටමත් අත්විඳින අත්දැකීම තහවුරු කර සිටී. අද වන විට, Prime Lands Residencies PLC විසින් කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස ඒකක ව්‍යාපෘති 50 කට අධික සංඛ්‍යාවක් දියත් කර ඇති අතර, එම ව්‍යාපෘති වලින් 45 කට අධික සංඛ්‍යාවක් දැනටමත් වැඩ නිම කර නිවාස හිමියන්ට භාර දී ඇත. සමාගමේ මෙම ස්ථාවරත්වය සහ මනා විශ්වසනීයත්වය ඔස්සේ, ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබේ. සමාගමේ මෙම සංවර්ධන ව්‍යාපෘතීන්, උපායමාර්ගික ස්ථානගත කිරීමත්, විචක්ෂණ සැලසුම් නිර්මාණයනුත්, එසේම ගුණාත්මක ඉදිකිරීම් කටයුතුත් සමගින් ඒකාබද්ධ වී පවතී. ඒ මගින් ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාව පුරා නාගරික පරිසරයන් පරිවර්තනයකට ලක් කරමින්, නවීන ජීවන තත්වයන් ඉහළ නැංවීමට සමර්ථව සිටී.

    "වසර 30 කට වැඩි කාලයක් තිස්සේ අපි අපගේ සමාගම ගොඩනඟා තිබෙන්නේ, නිවසක් කියන්නේ හිස් ගොඩනැගිල්ලකට එහා ගියපු ආදරයකුත්, සුවිශේෂී වුණු ජීවන රටාවකුත් එක් තැන් වුණු තැනක් කියන විශ්වාසය මතයි. අපට ලැබුණු මෙම ගරු සම්මාන මගින්, අපගේ ව්‍යාපෘති වල හැමවිටම පාරිභෝගිකයාට මුල් තැනක් දීම කියන ගුණය යළිත් තහවුරු කෙරෙනවා. 2026 Real Estate Asia Awards උළෙලේදී වසරේ සංවර්ධකයා ලෙස පිළිගැනීමට ලක් වීම, අප සමාගම ලැබූ ජයග්‍රහණයක් පමණක් නොව, අපගේ දැක්මත්, සංවර්ධනයත්, එසේම අපගේ දීර්ඝකාලීන වටිනාකමුත් පිළිබඳව පවුල් ඒකක දහස් ගණනක් තබා තිබෙන විශ්වාසය පිළිබඳව සාක්ෂියක්ද වනවා. ඒ වගේම, Prime Lands Residencies කියන්නේ ශ්‍රී ලංකාව විසින් මේ වන විට සාඩම්බරයෙන් පිළිගන්නා සන්නාමයක් කියන එක එයින් පෙන්වා දෙනවා. එමෙන්ම ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසට Prime Lands Residencies ලබා තිබෙන දියුණුවත් එයින් නැවත තහවුරු වෙනවා. ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙසට, ප්‍රයිම් සමූහයට, ජාතියේ සවියත්, හැකියාවත්, එසේම ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ අනාගතයත්, ගෝලීය වේදිකාවක් මත ඉස්මතු කර පෙන්වන්නට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. අප ගොඩනගන්නේ නිවාස පමණක් නොව විශ්වාසයද බව, මෙම සම්මානය මගින් නැවත නැවතත් තහවුරු කරනවා." ප්‍රයිම් සමූහයේ සමූහ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා විසින් එසේ පවසන ලදී.

    1% ක ප්‍රයිම් ගෙවීම් සැලැස්ම ඇතුළු නවෝත්පාදනීය ගෙවීම් විසඳුම් ද සමාගම විසින් හඳුන්වා දී තිබෙන අතර, Prime Edge App එක හඳුන්වාදීම හරහා සමාගමේ ඩිජිටල් සලකුණද ශක්තිමත්ව පිහිටුවා තිබේ. නිවාසයන් ඉදිකරන අතරතුරදීම, Prime Lands Residencies විසින්, තම සියලුම පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දෙන ආකාරයේ, සමෘද්ධිමත් ප්‍රජාවන් නිර්මාණය කිරීම කෙරෙහිද සිය අවධානය යොමු කර සිටී. ඒ ඔස්සේත්, ප්‍රයිම් සන්නාමයේ දිනෙන් දින වර්ධනය වන ව්‍යාපෘති ලැයිස්තුව ඔස්සේත්, සමූහය ජාතික සීමාවන් ඉක්මවා යන දැක්මක් පිළිබිඹු කර සිටී.

    මේ අතර, Prime Lands Residencies PLC, වසරක් පාසා තම ප්‍රමිති සළකුණ ඉහළ නංවමින්, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තම උරුමය ඔස්සේ ප්‍රජා ජීවන රටාවන් වැඩිදියුණු කරමින් සිටී.

    මෙම ගමනේ කොටස්කරුවන් වීම පිළිබඳව ප්‍රයිම් සමූහය තම ගනුදෙනුකරුවන්ට කෘතඥතාව පුදකරන අතරම, කොළඹ භූ-දර්ශනය නැවත අර්ථ ගන්වන නිවාස ඒකකයන් සහ අනාගතයක් ගොඩනැගීමට තමන්ගේ කැපවීමද අවධාරණය කර සිටී.