මංගල යාපා, ඩොක්යාර්ඩ් මුල් පුටුවට සමුදෙයි

    April, 11, 2014

    කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යන තනතුරු දැරූ මංගල ප්‍රේම බණ්ඩා යාපා මහතා එම තනතුරින් විශ්‍රාම ගෙන තිබේ.

    මේ අනුව, ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට බහුතර කොටස් ප්‍රමාණය හිමි කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස රනිල් විජේගුණවර්ධන මහතාව ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගම විසින් පත්කර ඇත.