May, 26, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate - OPR) පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව 7.75%ක් ලෙස පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යනු ඇත.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට පදනම් අංක ± 50ක ආන්තිකයකින් සම්බන්ධ කර ඇති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් 8.25% සහ 9.25% දක්වා ඒ අනුව වැඩි වනු ඇත.
වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Video Story