රජයේ ආදායම වැඩි කරන්න බදු පනත් 5 ක් වෙනස් කෙරේ

    May, 31, 2022

    ආර්ථික ස්ථායිතාවය සඳහා ආදායම් ඉහළ නැංවීම
    2019 වසර අගභාගයේදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබ ඇති තීරණය හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
    එසේම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අයවැය හිඟය සහ රාජ්‍ය ණය ඉහළ යාමට එකී තීරණය හේතු වී ඇත. මෙම තත්ත්වය යටතේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් පහත සඳහන් පනත් සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත
    * 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත
    * 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත
    * 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත
    * 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත