ශල්‍ය මුහුණු ආවරණ මිලියන 89ක කොන්ත්‍රාත්තුවක් සිසිලි ප්‍රොජෙක්ට්ස් කොන්සෝටියම් සමාගමට

    February, 15, 2022

    ගැටගැසීමේ වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ මිලියන 89ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මූලික වශයෙන් සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සිසිලි ප්‍රොජෙක්ට්ස් කොන්සෝටියම් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමටත්, ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මූලික වශයෙන් මුහුණු ආවරණ මිලියන 30ක් සපයා ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.