ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිලියන 4ක ණය පහසුකම් සැපයීමට USAID, කීල්ස් සහ HNB එක්වෙයි

    December, 30, 2022

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට ආහාර අංශයේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වන නව්‍ය සැපයුම් දාම මූල්‍ය පහසුකම් සැපයීමට කීල්ස් සුපර්මාර්කට්ස් සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ සම්බන්ධීකරණය කරයි.

    ප්‍රාග්ධනයට වැඩි ප්‍රවේශයක් හරහා මෙම පහසුකම, කොවිඩ්-19 වසංගතය තුළ මතු වූ සහ රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් උග්‍ර වූ සැපයුම් දාමයේ බාධාවන් අඩු කරයි.

    මෙම පහසුකම MSMEs සඳහා තරඟකාරී ස්ථාවර පොලී අනුපාත මූල්‍යකරණය සපයයි. මෙම පහසුකම ඒහි මෙහෙයුම්වල පළමු සතිවල දී සැපයුම්කරුවන් අට දෙනෙකුට සම්පූර්ණව එක්සත් ජනපද ඩොලෙර් 430,000ක් ලබා දී ඇත.

    මාස හයක් පුරා ඩොලර් මිලියන 4ක ණයක් ලබා ගැනීම සඳහා MSMEs 100කට පමණ සහාය වීමට හවුල්කාකාරීත්වය සැලසුම් කරයි.