ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය (කණ්ඩායම 1) ‘2024 වාසිටි බැට්ල්ස්’ අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ දෙවන කොටසේ සමස්ත ජයග්‍රාහකයා බවට පත්වෙයි

    November, 13, 2024

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව සංවිධානය කළ “2024 වාසිටි බැට්ල්ස්” අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ දෙවන කොටස පසුගියදා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ දී සාර්ථකව අවසන් විය. විශ්වවිද්‍යාල සිසුන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ දැනුම සහ අවබෝධය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරන දක්ෂ කණ්ඩායම් සහභාගී විය.

    මෙහිදී ප්‍රාග්ධන වෙළඳපොළ, සාමාන්‍ය දැනීම, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ව්‍යාපාර, කාලීන තොරතුරු, ක්‍රීඩා සහ විනෝදාස්වාදය යන අංශ සම්බන්ධයෙන් සිසුන් සතු දැනුම මැන බැලූ අතර විශ්ව විද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් 34ක සිසුහු ප්‍රශ්න විචාරාත්මක වට සඳහා තරඟ කළහ.

    ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ මෙම තරඟයේ පළමු කොටස සාර්ථක අන්දමින් පැවති අතර, දෙවන කොටසේ ජයග්‍රාහකයින් ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන්නේ ඉතාමත් සතුටිනි.

    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය නියෝජනය කරනු ලබන්නේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ කණ්ඩායම් දෙකක් සහ කළමනාකරණ පීඨයේ එක් කණ්ඩායමක් විසිනි. යාපනය විශ්වවිද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් කණ්ඩායම් තුන බැගින් තරඟ වැදුනි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට පශු සම්පත් හා ධීවර පීඨයෙන් කණ්ඩායම් දෙකක් සහ කෘෂිකර්ම පීඨයෙන් එක් කණ්ඩායමක් ඇතුළත් වේ.

    මෙම කණ්ඩායම් අනෙකුත් විශ්වවිද්‍යාලවල පීඨ ජයග්‍රාහකයන් සමඟින් අවසන් මහා තරගයට තරඟ කරනු ඇත. 2024 වාසිටි බැට්ල්ස් අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ දෙවන කොටසේ ශූරයන් බවට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අංක 1 කණ්ඩායම පත් වූ අතර ඔවුන්ට රුපියල් 100,000/- මුදල් ත්‍යාගයක් හිමිවිය.

    සෑම විශ්ව විද්‍යාලයකම ඉහළ දස්කම් දක්වන කණ්ඩායම් ජාතික මට්ටමේ තරඟයට ඉදිරිපත් වේ. එහිදී ඔවුන් අනෙකුත් කොටස්වල හොඳම කණ්ඩායම් සමග තරඟ වදින අතර 2024 වාසිටි බැට්ල්ස් අවසාන ශූරයින් අවසන් මහා තරගයේදී තීරණය කරනු ඇත.  ජාතික මට්ටමේ තරඟයේදී ජයග්‍රාහී කණ්ඩායම සඳහා රු. 400,000/- ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර 1 වන අනුශූරතාව සඳහා රු. 300,000/-ක ත්‍යාග මුදලකුත් දෙවන අනුශූරතාව සඳහා රු. 200,000/-ක ත්‍යාග මුදලකුත් හිමි වනු ඇත.

    ප්ලැටිනම් අනුග්‍රාහකයන් වන බාට්ලීට් රෙලිගෙයා සෙකියුරිටීස් පුද්ගලික සමාගම සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් හා මෝටරෝලා බයි අබාන්ස් ඇතුළු ප්‍රධාන අනුග්‍රාහකයින් විසින් මෙම කටයුත්ත සඳහා සාඩම්බරයෙන් සහාය දක්වනු ඇත.

    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මූල්‍ය අධ්‍යාපනය සහ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා SEC සහ CSE දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම තරඟාවලිය දැක්විය හැක. එය වඩාත් මූල්‍යමය වශයෙන් සාක්ෂරතාවයෙන්  සහ දැනුවත්භාවයෙන් යුතු අනාගත ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමට දායක වනු ඇත.

     

    ඡායාරූප විස්කතරය - කණ්ඩායම 1, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය - '2024 වාසිටි බැට්ල්ස්' අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරඟයේ 2 වන කොටසේ ජයග්‍රාහකයන්.