බොර තෙල් මිල මාස 03ක් ඇතුළත අඩුම අගයයට එයි

    June, 12, 2026

    ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පස්වරු 3.30 පමණ වන විට ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    එහිදී WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.04ක් දක්වා 4.18%කින් හා බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.75ක් දක්වා 4.02%කින් කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇත.

    මේ අතර මර්බන් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 81.98ක් දක්වා 6.04%ක පහළ යාමක් අද දින වාර්තා කර තිබේ.

    බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 2026 මාර්තු 05 දිනෙන් පසු ඩොලර් 86 මට්ටමට පැමිණ ඇත්තේ මුල් වරට අද දිනයේ දීය.