December, 23, 2021
මූලික මහජන කොටස් නිකුතුවක දී රැස්කරන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3 කට වඩා අඩු නම් කොටස් බෙදාහැරීමේ දී කොටස්වලින් 40% ක් සුළු පරිමාණ ආයෝජකයින්ටත් 10% ක ප්‍රමාණයක් ඒකක භාර වෙතත් ලබා දීම අනිවාර්ය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී.
ට්විටර් සටහනක් තබමින් සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ බව නිවේදනය කර ඇත.
මූලික කොටස් නිකුතුවකදී (IPO) සමාගමක් රැස්කරන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3 කට අඩු නම් කොටස් බෙදා හැරීමේදී කොටස් වලින් 40% සුළු පරිමාණ ආයෝජකයන් හට සහ තවත් 10% ක් ඒකක භාර හට (Unit Trusts) ලබාදීම අනිවාර්ය වේ.#SECSL #CapitalmarketofSL
— SEC SL - Capital Market Development & Awareness (@SEC_SriLanka) December 23, 2021
Video Story