සුරැකුම්පත් කොමිසමෙන් නියෝගයක්. IPO කොටස් නිකුත් කළ යුත්තේ මෙහෙමයි

    December, 23, 2021

    මූලික මහජන කොටස් නිකුතුවක දී රැස්කරන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3 කට වඩා අඩු නම් කොටස් බෙදාහැරීමේ දී කොටස්වලින් 40% ක් සුළු පරිමාණ ආයෝජකයින්ටත් 10% ක ප්‍රමාණයක් ඒකක භාර වෙතත් ලබා දීම අනිවාර්ය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී.

    ට්විටර් සටහනක් තබමින් සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ බව නිවේදනය කර ඇත.