අගලවත්තේ කොටස් ගනුදෙනුවෙන් වාර්තාගත පිරිවැටුමක්

    March, 23, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (23) දින මුල් භාගයේ දීද පහළ යන ස්වභාවයක් පෙන්නුම් කරන ලදී.

    ඒ අනුව මුල් මිනිත්තු 90 අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ 0.71% ක පහළ යාමක් වාර්තා වී තිබුණි.

    කෙසේවෙතත් අද දින මුල් ගනුදෙනු පැය තුළ දී වාර්තාගත පිරිවැටුමක් සටහන් වී තිබීම කැපීපෙනෙන සිදුවීමකි.

    ඒ අනුව පෙ.ව. 11.30 වන විට රු. බිලියන 2.45 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

    මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අගලවත්ත වැවිලි සමාගමේ දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ D R INDUSTRIES (PRIVATE) LIMITED සතුව පැවති කොටස් මිලියන 45 ක් (45,312,500) ක්, එකක් රු. 35.00 බැගින් අද දින හුවමාරු වීමයි.

    මෙය අගලවත්ත වැවිලි සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 29% ක ප්‍රමාණයකි.

    ගිවිසාගත් ගනුදෙනුවක් (Crossing) ලෙසින් සිදුවූ මෙම ගනුදෙනු හරහා පමණක් වාර්තා වූ පිරිවැටුම රු. බිලියන 1.58 කි.