අගෝස්තුවේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මෙන්න

    September, 12, 2022

    2022 අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 37,760ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.

    මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,430 ක් වේ.

    අගෝස්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාරත්ා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව 6,776 ක් වේ. මීට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් 5,340 ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත. ජර්මනිය (3,251), ප්‍රංශය (2,784), ස්පාඤ්ඤය (2,148) පසුගිය මාසය තුළ වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ වේ.