අත්‍යවශ්‍ය ආහාර වේලට හොඳම විසඳුම ‘‘සමපෝෂ Ready Mix”

    June, 24, 2019

    මිනිස් ජීවිතයේ ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර ආහාර වේල් තුනකින් සමන්විත වූ දෛයිනික ජීවිතයේ ප‍්‍රධානතම අත්‍යවශ්‍ය ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි.

     

    නමුත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ අත්‍යවශම උදෑසන ආහාර වේල ඔබට මඟ  හැරෙන අවස්ථා අපමණයි. එමගින් සිදුවන්නේ දවස ජීවයෙන් ඇරඹීමට අවශ්‍ය පෝෂණය ඔබෙන් ඈත් වීමයි. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයන් මෙපමණයැයි කීමට නොහැකි තරම්.

     

    මෙකී කාරණා ඉතා මැනවින් අවබෝධ කරගත් CBL  සමපෝෂ, ‘‘සමපෝෂ Ready Mix ” නවමු ආහාරමය නිෂ්පාදනය ඔබ අතට පත් කරන්නේ කාර්යබහුල ජීවිතයේදී ඔබට මගහැරෙන ඔබගේ Breakfast එකට පෝෂණ ගුණයෙන් ඉහළ පරිපූර්ණ විසඳුමක් ලෙසිනි.

     

    දේශීය ධාන්‍ය 4කින් සුසැදි සමපෝෂ සමඟ වියළි පොල්, ලූණු සහ සීනි අවශ්‍ය පදමට අඩංගු කර ඇති සමපෝෂ Ready Mix  මිශ‍්‍රණයට ඔබ එක් කළ යුත්තේ අවශ්‍ය පමණට ජලය පමණි. එහිදී එදිනෙදා ඔබ සාදා ගන්නා ඔබගේ කැමතිම සමපෝෂ අග්ගලා සාදා ගැනීමට ගතකල යුත්තේ මිනිත්තු 2කට අඩු කුඩා කාලයකි.

     

    අලූතින් ඉදිරිපත් කළ සමපෝෂ Ready Mix 80g Breakfast  පැක් එකක් සමඟ ඔබට මගහැරුණු දවසේ වැදගත්ම ආහාර වේල ඉතා කෙටි කාලයකින් අත්‍යවශ්‍ය පෝෂණ කොටස් සහිතව ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත.

     

    නවතම සමපෝෂ Ready Mix 80g  නිෂ්පාදනය පිළිබඳව CBL සමුහයේ ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග  පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ‘‘පෝෂදායි ධාන්‍යමය ආහාරයක් ලෙස සමපෝෂ දිනා තිබෙන විශ්වාසය නවතම සමපෝෂ Ready Mix 80g නිෂ්පාදනය සමඟ පාරිභෝගිකන්ගේ සිත් සතන් තුළ තවදුරටත් තහවුරු කරන්නේ, සියලු දෙනාටම අවශ්‍ය පෝෂණය ඉතා පිරිසිදුව, රුපියල් 50/= වැනි සුළු මුදලකට පාරිභෝගික ජනතාවට ළඟා කර දෙමින් දවස ජීවයෙන් ඇරඹීමට ඔවුන් සමඟ අත්වැල් බැඳගනිමින්’’ බවයි.

     

    PHOTO - Ready Mix 80g  නිෂ්පාදනය එළිදක්වමින් ප්ලේන්ටී ෆුඞ්ස් සමාගමේ අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න මහතා විසින් රාගම යූ.ඒ.ඩබ්. බෙදාහැරීමේ නියෝජිත ඉෂාර මහත්මාට එය පිළිගැන්වූ අවස්ථාව.