අති උත්කර්ෂවත් ලෙස පැවැත් වූ DSI වෙසක් කලාපය මෙවරත්

    June, 4, 2024

    ලංකාවේ ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිශ්පාදන අපනයන සමාගමක් වන Samson Rubber Products ආයතනය පසුගිය වෙසක් පොහොය දින විශේෂ පහන් කූඩු තරඟාවලියක් සහ අයිස්ක්‍රීම් දන්සලක් ඔවුන්ගේ ගාල්ල බටදූව ප්‍රධාන කර්මාන්ත ශාලාව අසල සංවිධානය කර තිබුණි. ආයතනයේ සේවකයින් විසින් කර්මාන්ත ශාලාවෙන් ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මෙම පහන්කූඩු නිර්මාණය කර තිබීම සුවිශේෂත්වයක් දැක්වූ අතර විශාල පිරිසක් මම වෙසක් කුඩු නැරඹීම සඳහා එදින පැමිණ සිටීම දක්නට ලැබීය.

    ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාත් මෙම අවස්ථාවට සහබාගී වූ අතර ආයතන‍යේ කළමනාකාර අධ්‍යක්ෂක සජිත් රාජපක්ෂ මහතා විසින් අවසානයේ ජයග්‍රහණය කල පහන් කූඩු සැකසූ සේවකයින් වෙනුන් මුදල් සහ ත්‍යාග ප්‍රදානයක්ද සිදු විය.

    මෙම Samson Rubber Products ආයතනය ටයර් ආශ්‍රිත නිශ්පාදනය සම්බන්දව ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමට පත්වී ඇති අතර Mountspiring පානීය ජලය සහ DSI Plastics ඔවුන්ගේ අනුබද්ධිත ආයතන ලෙස කටයුතු කරයි. තවද ඔවුන් පසුගිය දා ඔවුන්ගේ 30 වෙනි සංවත්සරයද සමරනු ලැබීය.