අදානිගෙන් මිලියන 650ක්. නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමෙන් මිලියන 250 ක්. ඉදිරියේ දී ඩොලර් ලැබෙන මාර්ග මෙන්න

    October, 27, 2021

    සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශයට පත් කර ඇති පරිදි විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීමේ ප්‍රගතිය

    සාර්ව ආර්ථික  සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර  දැක්මෙහි  ප්‍රකාශයට පත් කළ පරිදි, විදේශ  විනිමය ලැබීම්  සුරක්ෂිත  කිරීම සම්බන්ධයෙන්  මහ බැංකුව  සහ රජය ලබා  ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා  මහ බැංකුව  පහත සඳහන් තොරතුරු  ආයෝජකයින්  සහ සාමාන්‍ය  ජනතාව වෙත  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව  සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.