අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 35%යි

    October, 15, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේයේ සාර්ථකත්වය 35%ක් පමණක් බව වාර්තා වේ.

    එහිදී වෙන්දේසිය සඳහා රු. මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 102,413ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි.

    කෙසේවෙතත් එහිදී ලංසු අනුමත කර ඇත්තේ රු. මිලියන 27,209ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකට අදාළව පමණි.

    මෙම වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් පසුගිය සතියේ තීරණය වී තිබුණු මට්ටමේම නොවෙනස්ව පැවතී ඇත.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates