අද රු. කෝටි 8,000 ක බැඳුම්කර වෙන්දේසියක්

    November, 13, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දිනයේ දී රු. මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබුණි.

    එහිදී 2030 ජූලි 01 දිනට කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 35,000ක් හා 2035 ජූනි 15 දිනට කල්පිරෙන අයුරින් රු. මිලියන 45,000 බැගින් වන පරිදි බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර එම කාණ්ඩ දෙක සඳහාම ඉහළ ලංසු ප්‍රමාණයන් ලැබී තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.

    ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයන්ටම සමපාත වන අයුරින් අදාළ කල්පිරීම් කාණ්ඩ දෙක යටතේ ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දොපර්තමේන්තුව කටයුතු කර ඇත.

    මේ සම්බන්ධ සටහනක් පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates