අධිවේගයේ බස් ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක්

    April, 26, 2017

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් හා අනුව අදාළ නිර්ණායක සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    මීට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතෙහි අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ගාලු පාරේ බස් රථ ධාවනය කරනු ලබන බලපත්‍රලාභීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පිණිස නැවත ටෙන්ඩර් කැඳවීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.