අධිවේගයේ බස් පර්මිට් අධ්‍යයනයට අර්ජුනගෙන් කමිටුවක්

    February, 18, 2019

    අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ කිරීමෙන් පසුව බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති ගැටලු අධ්‍යයනය කර බස්රථ සඳහා ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට, අදාළ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.