අනන්තාරා දෙවන සුඛෝපභෝගී හෝටලය කළුතර දී දියත් කෙරේ

    October, 25, 2016

    හේමාස් සමූහය හා Minor Hotels එක්ව ශ්‍රී ලංකාවේ දියත් කරන ලද දෙවන අතිසුඛෝපභෝගී අනන්තාරා හෝටල් සංකීර්ණය පසුගිය දා විවෘත කෙරිණි. කාමර 141 කින් සමන්විත මෙම හෝටල් පරිශ්‍රය ඉන්දියානු සාගරයට හා කළු ගඟට මායිම්ව අති සුන්දර කළපු වෙරළ තීරයක ඉදිකරන ලද්දකි.

    මෙම හෝටලය ලොව විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වූ ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර අනන්තරා සන්නාමය යටතේ දියත් වූ දෙවන හෝටල් පරිශ්‍රය මෙයයි. මීට පෙර මෙම දාමයේ පළමුවැන්න තංගල්ලේ දී පසුගිය වසරේ දී විවෘත කෙරිණි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී හේමාස් සමූහයේ අධ්‍යක්ෂ අබ්බාස් එසුෆලි මහතා පැවසුවේ, මෙරට සංචාරක කර්මාන්තයේ ඉදිරි අනාගතය පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත්, ඒ වෙනුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබා දීමට කටයුතු කළ යුතු බවත්ය.







    අමුත්තන් සඳහා වූ කාමර 141 කින්ද, පුද්ගලික නාන තටාක වලින් යුත් විලා වලින්ද සමන්විත මෙම නිකේතනය ඉන්දියන් සාගරය හා කළු ගඟ අතර වෙරළ තීරයේ ගඟ හා කලපුවට මුහුණලා පිහිටා ඇත.

    මෙම නිකේතනය මුලින්ම නිර්මාණය කරන ලද්දේ හිටපු විශිෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් වන අතර එය නිවර්තන කලාපීය පොල් ගස් හා වෙරල තීරයෙන් වට වූ අලංකාර ස්ථානයකි. මෙහි ඇති සියළු අමුත්තන්ගේ කාමර සඳහා උසස් තත්වයෙන් යුත් වයින් හියුමිඬේටර සවිකර ඇත. මෙහි කාමර විචිත‍්‍රවත් සෝපා කට්ටල වලින් අලංකාර වී ඇති අතර එක් නිදන කාමරයකින් යුත් Presidential Suite, පුද්ගලික නාන තටාකයකින් සමන්විත වේ. Villa හා Suites හි නවාතැන් ගන්නන් හට Bluetooth මගින් සංගීතය රසවිඳීමේ අවස්ථාව සලසා ඇති අතර ඔවුන්ගේ ගීත ඉල්ලීම් ලබා දීමටද Villa පාලකයා කටයුතු කරයි.

    මෙම නිකේතනයේ විවිධ රසයන්ගෙන් යුත් අවන්හල් තුනක් ඇත. Spice Traders අවන්හල තායි, ඉන්දියානු හා චීන අහාර වලට පි‍්‍රය සංචාරකයන්ටද, ධකම අවන්හල ජාත්‍යන්තර ආහාර පාන හා ශ්‍රී ලාංකික තුනපහ රසයන්ගෙන් යුත් ආහාර පි‍්‍රය කරන්නන් හටද වෙන්ව ඇති අතර Acquolina අවන්හල වෙන්ව ඇත්තේ ඉතාලියානු ආහාර පාන සඳහායි. සන්ධ්‍යා කාලයේ ඉර බැස යාම නරඹමින් ඉතා නිදහස් ලෙස ගත කිරීමට ආගන්තුකයන්ගේ රුචිකත්වය මත සැකසූ රසවත් ආහාර වට්ටෝරුවක් ද සමග පුද්ගලික අරක්කැමියෙකු ගේ හා ප‍්‍රධාන සේවකයෙකුගේ සත්කාර ලබා ගත හැක.

    ශ්‍රී ලංකාවේ විශාලතම ස්පා මධ්‍යස්ථානය වන අනන්ටාරා ස්පා හට ආයුර්වේද සත්කාරයනගෙන් සමන්විත සත්කාරක කාමර 10ක් ඇතුළු ආසියානු හා බටහිර සත්කාරකයන් ඇතුලත් වේ. නෙළුම් පොකුණකින් වටවූ මහල් දෙකකින් යුත් අවකාශය වෙන්ව ඇත්තේ යෝගා හා භාවනා කටයුතු සඳහායි.

    මෙහි නවාතැන් ගන්නා අමුත්තන් හට විවේකය සතුටින් ගත කිරීම සඳහා නොයෙකුත් කි‍්‍රයාකාරකම් රැුසක් පෙළ ගස්වා ඇත. මෙහි ජල කී‍්‍රඩා අංශය විසින් jet skiing" water skiing and banana rides යන විනෝදජනක කී‍්‍රඩා රැුසක් සපයයි. ආගන්තුකයන් හට ගඟ දෙසට මුහුණලා පිහිටි ව්‍යායාම කාමරයේ ව්‍යායාම කල හැකිවා මෙන්ම අවශ්‍ය නම් පෞද්ගලික පුහුණුකරුවෙකු ලවාද තම ව්‍යායාම කටයුතු කල හැක. ළමුන් සඳහා යෝග්‍ය Jacuzzi ජෙට් වලින් යුත් කලපුව ආසන්නයේ වන පිහිනුම් තටාකයද, මුහුදට මුහුණලා නිසංසල පරිසරයක පිහිටි පිහිනුම් තටාකය යන පිහිනුම් තටාක දෙකකින් සමන්විත වේ.

    මෙහි නවාතැන් ගන්නා කුඩා දරුවන් සමග එන පවුල් සඳහා දරුවන් හට විශේෂිත මිල සහනයන ද ලබා දීමට නියමිතව ඇත. මෙහි ඇති Adventurer Club මගින් තරුණ දරුවන් හට සංස්කෘතික කි‍්‍රයාකාරකම්, එළිමහන් කී‍්‍රඩා හා ත‍්‍රාසජනක සිදුවීම් වලින් සමන්විත චාරිකා සඳහාද සම්බන්ධ විය හැක. මෙහි පැමිණෙන පවුල් සඳහා ලබා දෙන විශේෂිත වූ ස්පා අත්දැකීම තුළින් ඔවුන්ට විවේකාස්වාදයේ උපරිම වින්දනය සඳහා මංපෙත් විවර කරයි. එම පැකේජයන් හි දරුවන් සඳහා විවිධ වූ විනෝදකාමී සත්කාරයන් ඇතුලත් වන අතර chocolate oil සම්බාහනය හා කොණ්ඩය ගෙතීම ඒ අතර වෙයි. තරුණ ගැහැණු ළමුන් ඔවුන්ට අවශ්‍ය ලෙස මුහුණට සත්කාර, අත් හා පාද පිරිසිඳු කර ගැනීමේ අවස්ථාව ඇති අතර තරුණ පිරිමි දරුවන් ව ඔවුන්ට කැමති අයුරින් විශිෂ්ඨ ලෙස හැඩ ගන්වයි. දෙමාපියන්ට තම දරුවන් හා එක්ව ස්පා සම්බාහන අත්දැකීම ලබා ගැනීම සඳහාම සැකසූ ‘Mum & Me’ හා ‘Dad & Me’ යන සම්බාහන පැකේජ ද මේ හි වූ තවත් සුවිශේෂී සේවාවකි. හෝටලයෙන් පිටවීමේදී දරුවන් හට ත්‍යාග ලබා දීමද මෙහි තවත් විශේෂත්වයකි

    මෙම නිකේතනය සඳහා රැස්වීම් කාමර 3ක් පවතින අතර 2017 වසරේ මාර්තු මස වනවිට විවෘත්ත කිරීමට නියමිත ආසන 500 කින් යුත් සම්මන්ත‍්‍රණ ශාලාවක්ද ඇත. නිකේතනයේ සිට කළුතර දකුණු දුම්රිය ස්ථානයට හා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සඳහා සංචාරය කිරීමට සුපිරි ගණයේ SUV limousine (ලිමෝසීන්) රථ සේවයක් යොදා ඇත. අනන්ටාරා සුපිරි හෝටල් සමුහයේ 2015 වසරේ ඇරඹි දීවයිනේ පළමු හෝටලය වන අනන්ටාරා පීස් හෙවන් තංගල්ල රිසෝර්ටය ශ්‍රී ලංකාව තුල සුඛෝපභෝගී හෝටල් හි අඩිතාලම වේ.

    මේ වන විට අනන්ටාරා, රටවල් 11 ක විසිර ඇති ව්‍යාපරික ස්ථාන 35 ක හිමිකාරිත්වය ලබා ගෙන ඇති අතර ඊලග මාසයේ ඕමාන් හි තවත් සුපිරි රිසොර්ට් 2ක් විවෘත කිරීමට නියමිතව ඇත