අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් තුළයි – ඇමති ඉරාන් කියයි

    October, 18, 2017

    විද්‍යුත් ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුයි. අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් තුළයි. ඉලෙක්ට්‍රොනික කටයුතු වැඩි දියුණු කිරීමෙන් රජයේ ආදායම වැඩි දියුණු වෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ඉලෙක්ටෝනික ගනුදෙනු (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයේ දී අඳහස් දක්වමිනි.

    ඉලෙක්ට්‍රොනික කටයුතු වැඩි දියුණු කිරීමෙන් රජයේ ආදායම වැඩි දියුණු වෙනවා. වරිපනම් ගෙවීම, මොටර් රථවාහන ගාස්තු ගෙවීම, නව සේවා සැපයීම මෙමඟින් පහසු වෙනවා. ඩිජිටල් යුගයට රැගෙන එමින් සුරක්ෂිතභාවයට රැගෙන එනවා.

    ඉලෙක්ට්‍රොනික බදු ගොනු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. බදු ගොනු සකස් කිරීමට පහසුකම් සැලසෙනවා. ඉලෙක්ට්‍රොනිකව කටයුතු කිරීමෙන් කාර්යක්ෂමව කටයුතු කළ හැකියි. ඉන් රජයේ ප්‍රතිරූපය ද ශක්තිමත් වෙනවා. අපසීග්‍රයෙන් ආර්ථිකය වෙනස් වෙනවා. විද්‍යුත් ගෙවීම් කරන්න තියෙන්නේ. විද්‍යුත් ගෙවීම්වල අනාගතය දුරකතනය හරහා ම ගෙවීමට කරන්න හැකිවීමයි. වෙනස්වීම තුළින් අද තියෙන බැංකු ක්‍රමය වෙනස්වීමකට යනවා.

    විද්‍යුත් ව්‍යවසායකත්වය අඩුවෙලා. අපි තීරණයක් ගන්න ඕන.විද්‍යුත් ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුයි.අලුත් ව්‍යවසාකයින් ඇතිකරන්න ඕන, ඒ අය දිරිගන්වන්න ඕන.ව්‍යවසායකත්වය ගැන අලුතින් හිතන්න වෙනවා. නව සේවාව සාර්ථක වුවහොත් සර්ථකත්වයෙන් කොටසක් යන්නේ සේවකයන්ටයි. මේ වෙනස සිදුවේගන යනව. ලෝකය වෙනස් වෙමින් පවතිනවා. වැඩිකල් යන්න ප්‍රථමයෙන් භෞතික සල්ලි නැතිවෙනවා. අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් තුළයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.