අඳුරු වළාවකින් වැසුණු කලාපීය වැවිලි සමාගම්වල සත්‍යය

    February, 20, 2024

    වතු ප‍්‍රජාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන කලාපීය වැවිලි සමාගම් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අදහස් දක්වයි

    මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම් නොමැතිව කටුක ජීවිතයක් ගත කරන බවත් මෙම ඛේදනීය තත්වය සඳහා කලාපීය වැවිලි සමාගම් (RPCs) වගකිව යුතු බවත්ය. කෙසේවෙතත්, කලාපීය වැවිලි සමාගම් වල සේවය කරන්නේ මිලියනයක් පමණ වූ සමස්ත වතු ජනගහනයෙන් 15% ක් පමණක් වන අතර, මෙම චෝදනාව කලාපීය වැවිලි සමාගම් වෙත ආරෝපණය කිරීම අසාධාරණ වේ.

    ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 12ක් පුරා වතු කම්කරුවන් ව්‍යාප්තව සිටියද, වතු කම්කරුවන්ගේ යහපැවැත්ම පිළිබඳ දිගහැරෙන බොහෝ සාකච්ඡා ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ නුවරඑළියේ කලාපීය වැවිලි සමාගම් හි සේවය කරන වතුකර දමිළ ජනතාව වෙතයි. එම නිසා මේ කාරණය සම්බන්ධයෙන් වඩාත් දැනුවත් සහ යථාර්ථවාදී ජාතික සාකච්ඡාවක් අවශ්‍ය වේ.

    "වතු ප‍්‍රජාව" යන යෙදුම කලාපීය වැවිලි සමාගම් හි වතු කම්කරුවන්ගෙන් ඔබ්බට යයි

    ශ‍්‍රී ලංකාවේ ”වතු ප‍්‍රජාව” යන යෙදුම කලාපීය වැවිලි සමාගම් හි වතු කම්කරුවන්ගෙන් ඔබ්බට යමින් පුළුල් වර්ගීකරණයක් ඉදිරිපත් කරයි. ”වතු ප‍්‍රජාව” යන යෙදුම අවම වශයෙන් නේවාසික කම්කරුවන් 10 දෙනෙකුගෙන් යුත් අක්කර 20 ඉක්මවන සියලූම වතු ආවරණය කරයි. මෙවැනි පැහැදිලි අර්ථකතනයක් තිබියදීත්, ”වතු ප‍්‍රජාව” යන යෙදුම ඉදිරියේ දී කලාපීය වැවිලි සමාගම් හි වතු කම්කරුවන් පමණක් ඉස්මතු කිරීම හරහා ජනතාව අතරට වැරදි තොරතුරු සංසරණය වෙයි. සමස්ත වතු අංශයේ දරිද්‍රතා අනුපාතය 50%ක් වන අතර, කලාපීය වැවිලි සමාගම් හි කම්කරුවන් සංසන්දනාත්මකව වඩා හොඳ පහසුකම් අත්විඳියි. මීට අමතරව, ළදරු මරණ අනුපාත (IMR) සහ මාතෘ මරණ අනුපාත (MMR) වැනි ප‍්‍රධාන දර්ශක, 1992 දී පෞද්ගලීකරණය ආරම්භයේ සිට අද දක්වාම කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කර ඇත.

    තවද තේ, රබර් සහ අනෙකුත් භෝග ඇතුළු වතු අංශයේ සමස්ත ශ‍්‍රම බලකායෙන් කලාපීය වැවිලි සමාගම් හි කම්කරුවන් සිටින්නේ 15%ක් පමණි. කෙසේවෙතත්, මාධ්‍ය සහ දේශපාලන සාකච්ඡා ‘‘වතු කම්කරුවන්ගේ’’ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන විට, එම අවධානය එකහෙලාම තේ කර්මාන්තයේ නියැලෙන වතුකර දෙමළ ප‍්‍රජාවට අයත් කලාපීය වැවිලි සමාගම්වල කම්කරුවන් වෙත පමණක් එල්ල වීම ගැටලූවකි. තේ, රබර්, පොල්, කුළුබඩු, පළතුරු වැනි විවිධ කර්මාන්තවල සේවය කරන ‘’වතු කම්කරුවන්’’ මුළු දිවයින පුරා ව්‍යාප්ත වී සිටියද ඔවුන් පිළිබඳව අවධානය යොමු නොවෙයි. අවාසනාවකට මෙන්, එම ජනතාව වතු ප‍්‍රජාවෙන් බහුතරයක් වන නමුත් එම කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සම්පූර්ණයෙන්ම අවධානයට ලක් නොවේ.

    මොණරාගල දිස්ත‍්‍රික්කයේ වතු කම්කරුවන්, විශේෂයෙන්ම රජයට අයත් රබර් වතුවල සේවය කරන කම්කරුවන් මුහුණ දෙන අභියෝගවලින් මෙම ප‍්‍රශ්නය පැහැදිලි වේ. මෙම පිරිස රැකියා අවස්ථා, සාධාරණ වැටුප් සහ EPF/ETF, නිවාස සහ නිසි පෝෂණය වැනි අත්‍යවශ්‍ය ප‍්‍රතිලාභ නොමැතිව පීඩාවට පත්ව සිටී. වතු ප‍්‍රජාව මූලික අවශ්‍යතා හෝ නොමැති තත්වයක සිටියද ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති හෝ දේශපාලන පක්ෂ නොමැති වීම කණගාටුවට කරුණකි. කලාපීය වැවිලි සමාගම්වලට අයත් නොවන වතුවල දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ අනෙකුත් අසමානතා පිළිබඳ දත්ත කලාපීය වැවිලි සමාගම් සඳහා ද ආරෝපණය කිරීමෙන් කලාපීය වැවිලි සමාගම් කළමනාකරණය යටතේ ඇති වතුවල ප‍්‍රගතිය ඉස්මතු නොවෙයි.

    කලාපීය වැවිලි සමාගම් වතු ප‍්‍රජාවගේ නිවාස, යටිතල පහසුකම් සහ ළමා රැකවරණය වෙනුවෙන් ඇප කැප වෙයි

    පෞද්ගලීකරණයෙන් පසුව, කලාපීය වැවිලි සමාගම්වල කම්කරුවන් සඳහා නිවාස, යටිතල පහසුකම් සහ ළමා ආරක්ෂණ කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් අත්කර ගෙන ඇත. රජය, වෘත්තීය සමිති සහ කලාපීය වැවිලි සමාගම්වලට සම්බන්ධ සහයෝගීතා ආයතනයක් වන වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. 1992 සිට, PHDT, කලාපීය වැවිලි සමාගම් හි සහාය ඇතිව, ලැයිම් කාමරවල වාසය කරන කලාපීය වැවිලි සමාගම් හි සේවකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කර ඇත.

    මිලියනයක් පමණ වූ සමස්ත වතු ප‍්‍රජාවෙන් කලාපීය වැවිලි සමාගම් හි පදිංචිකරුවන් 110,000ක් වැවිලි කර්මාන්තයට දායක වේ. 2022 දී වතු ප‍්‍රජාව සඳහා නව නිවාස 65,000 ක් ඉදිකරන ලදී. මෙම සෑම නවීන නිවසක්ම නාන කාමරයකින් සමන්විත වන අතර වටිනාකම රු. මිලියන 1.2 ක් පමණ වේ. වර්ග අඩි 550ක භූමි ප‍්‍රමාණයකින් යුත් මෙම සෑම දේපලක්ම වතු කම්කරුවකුගේ වසර හතරක දළ වැටුපට වඩා වැඩි වටිනාකමින් යුක්ත වන අතර අදාල වත්තෙන් නොමිලේ ලබාදුන් පර්චස් 7ක ඉඩමක මෙම නිවාස ඉදිකර ඇත.

    මීට අමතරව, දැනට පවතින නිවාස 116,000ක් වැඩිදියුණු කර ඇති අතර පවුල් 124,000ක් සඳහා වැසිකිළි 134,000ක් ඉදිකර ඇත. 2015 දී මුල් ළමා විය සංවර්ධන අධ්‍යාපන අවශ්‍යතා සහ පෝෂණ අවශ්‍යතා සහිත ළමුන් 25,000 කට පමණ ප‍්‍රතිලාභ ලබා දෙමින් මනාව කළමනාකරණය කරන ලද ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1,382 ක් සඳහා කලාපීය වැවිලි සමාගම් ක‍්‍රියාකාරීව දායක වී ඇත. පසුගිය වසර තුළ නිවාස ඒකක 500 කට අධික සංඛ්‍යාවක් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 19 ක් ඉදිකර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියනයක ආයෝජනයක් සිදු කර ඇත.

    තවද වතු කම්කරු ප‍්‍රජාවට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප‍්‍රවේශය ලබා දීමට කලාපීය වැවිලි සමාගම් අඛණ්ඩව ප‍්‍රමුඛත්වය ලබා දී ඇති අතර ඒ සඳහා සිදු කර ඇති රුපියල් මිලියන 800 ක ආයෝජනයේ එය මනාව පැහැදිලි වේ. මෙයට අමතරව ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩසටහන යටතේ තෝරාගත් වතුවල මහා පරිමාණ ව්‍යාපෘති 40ක් හරහා පවුල් 15,000කට පානීය ජලය ලබා දී ඇත.

    මෙම ප‍්‍රයත්නයන් මගින් කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල ජීවත් වන වතු ප‍්‍රජාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත වැඩිදියුණු වී ඇති අතර, සමස්ත වතු ප‍්‍රජාව වෙත මෙම ප‍්‍රතිලාභ ලබා දීම සඳහා වැඩි ආයෝජනයක් අවශ්‍ය බවද පිළිගැනීම ඉතා වැදගත් වේ. කෙසේවෙතත් නිවාස, රෝහල් සහ නිවාස ඉදිකිරීමේ වගකීම කලාපීය වැවිලි සමාගම් මත පමණක් පැවරිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ යුතුය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි විශ්වාසය තබා අවසාන වශයෙන් ඉඩම් අයිතිය ලබාදීමේ වගකීම රජයට අයත් කටයුත්තක් වන බැවින් රජයේ සහ සංවර්ධන නියෝජිතා ආයතනයේ මැදිහත්වීම ඊට අත්‍යවශ්‍ය වේ. කලාපීය වැවිලි සමාගම් මෙම මුලපිරීම් සඳහා කැපවී සිටින නමුත් මෙයට තිරසාර විසඳුමක් ලබා දීමට නම් ඊට සහයෝගී ප‍්‍රවේශයක් අවශ්‍ය වේ.

    පෞද්ගලීකරණය කිරීමෙන් පසු සෞඛ්‍ය සහ පෝෂණ අංශවල කැපී පෙනෙන ප‍්‍රගතියක්

    විශේෂයෙන්ම කලාපීය වැවිලි සමාගම් පෞද්ගලීකරණය කිරීමෙන් පසු සෞඛ්‍ය සහ පෝෂණ අංශවල සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා ඇත. පෞද්ගලීකරණයට පෙර, කලාපීය වැවිලි සමාගම්වල අයත් වතුවල උපතින් වසරක් තුුළ ළදරු මරණ 220 ක්, මාතෘ මරණ 135 ක් සහ අඩු බර උපත් 1,616 ක් වාර්තා විය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2021 දී මෙහි කැපී පෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. ශ‍්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතිකය සජීවී උපත් 1000කට 9.5ක් වූ අතර කලාපීය වැවිලි සමාගම්වල 1.55 (1/556) අනුපාතයක් වාර්තා විය. ශ‍්‍රී ලංකාවේ නව ළඳරු උපත් මරණ අනුපාතිකය සජීවි උපත් 1000කට  6.8%ක් වු අතර සජීවී උපත් 556 න් කලාපීය වැවිලි සමාගම්වල නව උපත් මරණ අනුපාතිකය ශුන්‍ය විය.

    මළ දරු උපත් අනුපාතිකය සසඳන විට ශ‍්‍රී ලංකාව 6.9% ක් වූ අතර කලාපීය වැවිලි සමාගම්වල එය 5.4% ක් (3/556) විය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසව මරණ අනුපාතය 6% ක් වූ අතර කලාපීය වැවිලි සමාගම්වල  එය 1.8%(1/559) කි. ශ‍්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය 29.2%ක් වූ අතර, කලාපීය වැවිලි සමාගම්වල අනුපාතය 1.55 (1/556) විය. අඩු උපත් බර අනුපාතය ශ‍්‍රී ලංකාව සඳහා 12.7%ක් සහ කලාපීය වැවිලි සමාගම් සඳහා 14% (76/534) කි.

    අඩු බර අනුපාත දෙස බලන විට, ශ‍්‍රී ලංකාවේ ළදරුවන් 5.9% ක් වූ අතර කලාපීය වැවිලි සමාගම්වල 1.7% (70/3991) ක් විය. කුඩා දරුවන්ගේ අඩු බර අනුපාතය ශ‍්‍රී ලංකාව සඳහා 11.4% ක් සහ කලාපීය වැවිලි සමාගම් සඳහා 2.5% (115/4665) ක් විය. අවුරුදු 5ට අඩු මරණ අනුපාතිකය ශ‍්‍රී ලංකාව සඳහා 11.1%ක් සහ කලාපීය වැවිලි සමාගම් සඳහා ශුන්‍ය අගයක් වාර්තා (0/556) විය. අවුරුදු 2-5 අඩු බර අනුපාතය සඳහා, ශ‍්‍රී ලංකාව 18.6% ක් වූ අතර, කලාපීය වැවිලි සමාගම් 3% කගේ පමණ (376/15065) අඩු අනුපාතයක් පෙන්නුම් කළේය.

    වැඩ කරන වේලාවන්හිදී සපයන ලද පූර්ව ප‍්‍රසව ලියාපදිංචිය, ප‍්‍රසව සායන සඳහා වැටුප් සහිත නිවාඩු, පණු බෙහෙත්, විටමින්, ති‍්‍රපෝෂ, ෆෝලික් අම්ලය, යකඩ පෙති සහ පිටගැස්ම සඳහා ලබා දෙන ටෙටනස් ටොක්සයිඞ් (Tetanus Toxide) එන්නත ආදී ඖෂධ ලබාදීම වැනි ප‍්‍රධාන මැදිහත්වීම් මගින් මෙම ප‍්‍රගතිය අත්පත් කරගනු ලැබීය.

    කෙසේ වෙතත්, මෙම අංශවල කිසිදු දියුණුවක් සිදු වී නොමැති බවට වන අදහසට එරෙහි වෙමින් RPC හි සේවය කරන කම්කරු ජනතාවට පමණක් නොව සමස්ත වතු ජනතාවට සහ අනෙකුත් අංශවලට ද ප‍්‍රතිලාභ සැලසෙන පරිදි මෙම වැඩසටහන් පුළුල් කිරීමේ වැදගත්තම මෙහිදී අවධාරණය කළ යුතුය.

    නමුත් ඍඡුක්‍ හි වතුවල ඉහත සඳහන් කළ වැඩිදියුණු කිරීම් කිසිවකින් එහි කම්කරුවන්ට තවදුරටත් සහාය අවශ්‍ය නොවන බව අදහස් වන්නේ නැත. මෙම කම්කරුවන් සඳහා තවදුරටත්  ආධාර අවශ්‍ය බව පැහැදිලිය. එනිසා යහපත් පරමාර්ථයෙන් සිදු කරනු ලබන මෙම සාකච්ඡුා සඳහා සම්බන්ධ වන ලෙස සියලූම පාර්ශවකරුවන්ගෙන් අප ඉල්ලා සිටිමු.

    කලාපීය වැවිලි සමාගම් සම්පූර්ණයෙන්ම අසංවේදී අය ලෙස පෙන්වාදීම දේශපාලනික වශයෙන් වාසිදායක විය හැකිය. නමුත් සමස්ත වතු ක්ෂේත‍්‍රයේ අර්ථවත් ප‍්‍රගතියක් සඳහා පාර්ශවකරුවන් අතර සහයෝගී ප‍්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. PHDT විසින් මෙහෙයවනු ලබන මුලපිරීම්, පුළුල් කළ යුතු සහ අනුකරණය කළ යුතු පරිවර්තනවල තීරණාත්මක සාධක ලෙස කටයුතු කරයි.