May, 4, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා වුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,695ක් ලෙසින් සටහන් වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 37.08කින් ඉහළ ගොස් ඒකක 6,244.64ක් ලෙසින් වාර්තා විය.
මේ අතර රු. බිලියන 4.80ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්ත වී තිබුණි. එහිදී ලංකා දුම්කොළ සමාගමේ රු. බිලියන 2.38ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක්, දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ලබා දෙන්නට සමත්ව තිබුණි. කොටස් 1,341.170ක් එකක් රු. 1,780.00 බැගින් එහිදී ගනුදෙනු වී තිබුණු අතර වාර්තා වන අන්දමට විදේශීය පාර්ශවයක් මෙම ගනුදෙනුවේ විකුණුම්කරු ලෙසත් දේශීය පාර්ශවයක් ගැනුම්කරු ලෙසත් කටයුතු කර තිබේ.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට NDB, ඩයලොග් ආසියාටා, මෙල්ස්ටාකෝප්, කළම්බු ඩොක්යාඩ් සහ හරිස්චන්ද්‍ර මිල්ස් යන සමාගම්වලින් වැඩි දායකත්වයක් ලැබී තිබුණු අතර ඒ ඇතුළුව සමාගම් 149ක කොටස් මිල ගණන් දිනය තුළ ඉහළ ගොස් තිබුණි.

Video Story