අපනයන ඉපැයුම් මෙරටට ගෙන ආ හැකි කාලරාමුව දින 180ක් දක්වා දීර්ඝ කෙරේ

    October, 16, 2019

    අවසර ලබා දී ඇති ආයෝජනයන්ට අදාළ විදේශ විනිමය ප්‍රාග්ධන ගනුදෙනු පන්ති එහි සීමාවන් සහ අදාළ වෙනත් කොන්දේසි සම්බන්ධයෙන් බලය පවරා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 7 වන වගන්තිය යටතේ 2017 නොවැම්බර් මස 17 දිනැති නියෝග අංක 01 සකස් කර ඇත.

    එම නියෝගය අනුව, අපනයනකරුවන් විසින් තම අපනයන ඉපැයුම් අපනයනය කළ දිනයේ සිට දින 120 ක කාලරාමුව දින 180ක් දක්වා දීර්ඝ කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය වෙතින් ලැබී ඇති එකඟතාව ද සැලකිල්ලට ගෙන, ඒ අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 7වන වගන්තිය ප්‍රකාරව නිකුත් කළ 2017 අංක 01 දරන නියෝගය සංශෝධනය කිරීම සඳහා සහ එම පනතෙහි 29වන වගන්තිය ප්‍රකාරව එම සංශෝධනය පාර්ලිමේන්තුවෙහි අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.