අපනයන බහාලුම් ප්‍රවාහනය 90%ක් නතර වෙලා – බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් කියයි

    May, 17, 2022

    මේ වන විට ආයෝජන මණ්ඩල කර්මාන්ත ශාලා අපනයනය සඳහා සූදානම් කර තිබෙන භාණ්ඩවලින් පිරී ඇති බවත්, අපනයන බහාලුම් ප්‍රවාහනය සඳහා තම රථවලට ඔටෝ ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් නොකළ හොත් අපනයන බහාලුම් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවත් සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රටට 60%ක ප්‍රමාණයක් ඩොලර් ලැබෙන්නේ අපනයන බහාලුම් යැවීමෙන් බවයි.

    “60% ක ප්‍රමාණයක් ඩොලර් ලැබෙන්නේ අපනයන බහාලුම් යැවීමෙන්. BOI ෆැක්ට්‍රීස් මේ වෙන කොට පිරිලා තියනවා ගබඩාවල අපනයන කිරීමට සකසලා තියන භාණ්ඩ. අපනයන බහාලුම් ප්‍රවාහනය 90% ක් නතර වෙලා තියනවා. හෙට හෝ අනිද්දා වෙනකොට අපිට ඔටෝ ඩීසල් ලබා දෙන්න ක්‍රමවේදයක්, ප්‍රම්‍රඛතාවය මත හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් හෝ ඩීසල් ලබා දීමට ක්‍රම වේදයක් සැලසුවේ නැතිනම් අන්වාර්යෙන්ම 100% ක් අපනයන බහාලුම් ප්‍රවාහනය නතර වෙනවා. ඉන්ධන ගැටලුව විසඳන්න කියලා ඉතා ඉක්මනින් බලධාරින්ගෙන් අපි ඉල්ලා සිටිනවා.“