අපනයන මඟින් ලැබෙන මුදල් ප්‍රේෂණය සඳහා ලැබෙන කාලය දීර්ඝ කෙරේ

    August, 18, 2016

    විනිමය පාලන පනතේ විධිවිධාන ප්‍රකාර, අපනයන මඟින් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල්, අදාළ භාණ්ඩ අපනයනය කළ දින සිට දින 90ක් තුළ ප්‍රේෂණය කළ යුතු වේ.

    අදාළ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන, එම කාල සීමාව, 2016 අගෝස්තු මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි දින 120ක් දක්වා දීර්ඝ කිරීමටත්, දින 120 අවසන් වීමෙන් පසුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පෙර දින 30ක සහන කාලයක් ලබා දීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates