November, 19, 2019
ව්‍යාපාර ඩිජිටල්කරණ සංකල්පය තුලින් අපනයන ආර්ථිකය සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ජාතික අපනයන උපාය මාර්ග සැලැස්මෙහි (NES) ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගියදා පිළිමතලාව ග්‍රාමීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
එම ප්‍රායෝගික වැඩමුළුවේදී නව අපනයනකරුවන් 2000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන සඳහා තෝරාගන්නා ලද අපනයන අභිමුඛ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සිය දෙනෙකු ICTA ආයතනයේ සම්පත් දායකත්වයෙන් ෆේස්බුක් හා සමාජ ජාලා භාවිතය තුලින් භාණ්ඩ හා සේවා අලෙවිකරණය කිරීම පිළිබඳ දැනුවත් කරන ලදී.
දිවයිනේ ප්‍රමුඛතම මෘදුකාංග හා සේවාවන් අපනයන ආයතනයක් වන Senz Matel Intelligence ආයතනයේ මිලර් රාජේන්ද්‍රන් මහතා තම ආයතනය ගොඩනැගීමේ සිට සාර්ථකත්වය කරා පැමිණි ගමන පිළිබඳ දිරිගැන්වීමේ දේශණය කරමින් ව්‍යවසායකයින් අභිප්‍රේරණය කරන ලද අතර Builtapps Business Solutions ආයතනයේ ලසන්ත වික්‍රමසිංහ මහතා ආරම්භක දේශණය කරමින් පවතින ව්‍යාපාර නව්‍යකරණයට ලක්කල යුතු ආකාරය පිළිබඳවද, Facebook ආයතනය නියෝජනය කරමින් කණිෂ්ක වීරමුණ්ඩ මහතා හා ෆස්ලිම් මරික්කාර් මහතා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත සමාජ මාධ්‍ය වන Facebook පරිශීලකයන් හරහා අලෙවිකරණය සිදුකරන ආකාරය පිළිබඳ දැනුවත් කරන ලද අතර ව්‍යවසායකයින්ගේ ඉල්ලීම මත මෙහි දෙවන අදියරද නුදුරු දිනකදී ක්‍රියාත්මක කරන බව සංවිධායක මණ්ඩලය පවසයි.
Video Story