June, 29, 2018
2018 අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු වීම මධ්‍යයේ වුවද, ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය.
විශේෂයෙන්ම, 12 වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ව්‍යාපෘති ණය හා අක්වෙරළ බැංකු ඒකක ණය සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන වැනි මූල්‍ය ගිණුම වෙත වූ ඉහළ ලැබීම් 2018 අප්‍රේල් මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය මෙතෙක් පැවති ඉහළම මට්ටම වන එ.ජ. ඩොලර් බිලියන 9.9 මට්ටම කරා ළඟා වීම සඳහා හේතු විය.
ජංගම ගිණුමෙහි දැක්වෙන පරිදි අපනයන ආදායම් වර්ධනය අඩු මට්ටමක පවතින අතරතුර ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2018 අප්‍රේල් මාසයේදී වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වුවද, මාසය තුළදී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව හිතකර වර්ධනයක් වාර්තා කළේය.
Video Story