අප්‍රේල් මාසයේ ආ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 166ක ආදායමක්

    May, 8, 2023

    පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 105,498 ක් වන අතර ඒ හරහා ලද සංචාරක ඉපයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 166.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී.

    මෙය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී තිබූ ඩොලර් මිලියන 108.7ක් වූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 57.8%ක වර්ධනයක් වේ.

    මේ අනුව 2023 පළමු මාස 04 තුළ දී වාර්තා වන මුළු සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 696.3 ක් වන අතර එය රුපියල් වටිනාකමින් රු. බිලියන 238.9 කි.